Sunday, May 5, 2024

යකල්ලේ යකා නැටූ මැරයින් අල්ලනු !

Must read

තරුණයින් පිරිසකට පහරදී තුවාල සිදුකළ බව කියන මැර පිරිසක් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඉබ්බාගමුව, බක්මීගොල්ල ප‍්‍රදේශවාසීහු පිරිසක් කුඹල්අංග මංසන්ධියේදී ඊයේ (15 දා ) රාත‍්‍රියේ උද්ඝෝෂණයක නිරත වූහ.

මෙලෙස ප‍්‍රහාරයට ලක් වී ඇත්තේ යකල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් සිව්දෙනෙකු වන අතර මෙම තරුණයින් ආගමික වතාවත් සදහා බක්මීගොල්ල මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආපසු නිවෙස් බලා එමින් සිටියදී කඩු සහ පොඵ වලින් සන්නද්ධව පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙම ප‍්‍රහාරයෙන් තරුණයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර බරපතල තත්වයෙන් පසු වූ එක් තරුණයෙකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.

අදාළ මැර පිරිස වහා අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බලකරමින් පහරකෑමට ලක් වූ තරුණයින්ගේ ඥාතීන් සහ හිතවතුන් එක්ව ඊයේ රාත‍්‍රි 10 ට පමණ විරෝධතාවයක් ආරම්භ කළහ. එම විරෝධතාවයට පන්නල , යකල්ල , කුඹල්අංග , බක්මීගොල්ල ඇතුඵ ගම්මානවල වෙසෙන දහසකට ආසන්න පිරිසක් එක් වී සිටි අතර ඔවුහු කුඹල්අංග මංසන්ධියේදී කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගය අවහිරකිරීම එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා සිදු විය.

විරෝධතාවය ආරම්භයේදී එම ස්ථානයට පැමිණි ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද අබේරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීහු විරෝධතාකරුවන් සමග සාකච්ජාකර විරෝධතාවය සමථයකට පත්කිරීමට උත්සාහ කළ නමුත් මැරයින් අත්අඩංගුවට ගන්නා තුරු තමන් මාර්ගයෙන් ඉවත් නොවන බව උද්ඝෝෂකයෝ එහිදී දැඩි ලෙස කියා සිටියහ.

තත්වය වඩාත් බරපතලවීම හේතුවෙන් කුරුණෑගල සහ රිදීගම පොලිස් ස්ථානයන්වලින් අතිරේක පොලිස් බල ඇණිද එම ස්ථානයට ගෙන්වනු ලැබීය. පසුව එම ස්ථානයට පැමිණි කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ඕ. ඩබ්ලිව්. සිල්වා මහතා විසින් අදාළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමේ වගකීම තමා භාරගන්නා බව පැවසූ අතර ඊට අවනත වූ උද්ඝෝෂකයෝ මාර්ගයෙන් ඉවත් වී විසිරී ගියහ.

2015-07-16 08.15 2015-07-16 08.12

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article