Friday, May 17, 2024

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් ජාතික උත්සවය ආනවිලුන්දාවේදී සමරයි

Must read

01(1) 05(1) ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආරච්චිකට්ටුව – ආනවිළුන්චාව රැම්සා අභය භූමියේ පැවති ජාතික උත්සවයට කැලෑ නැවත වගා කිරීමේ හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහභාගී වුහ. රාජ්‍ය අමාත්‍යවරයා උත්සවය අමතමින් පවසා සිටියේ

ලෝකය ආරම්භයේ සිට මේ දක්වා පරිසර විනාශයේ අවසානයක් සිදුවී නොමැති බවත්,මිනිසුන් පරිසරය විනාශ කරන්නේ  ජීවත් වීම සදහා නම් කළ යුත්තේ පරිසරය ආරක්ෂා කර ගනිමින් ජීවත්වීමට කටයුතු කිරීම යැයි පැවසීය.

ආරච්චිකට්ටුව ආනවිළුන්දාව කුරුළු අභය භූමිය මෙරට දෙවැනි රැම්සා අභය භූමියයි.හෙක්ටයාර් 1397 ක් විශාල මෙම අභය භූමිය 2001 වර්ෂයේ අගෝස්තු මස 03 වැනිදා ජාත්‍යන්තර රැම්සා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර පවත්වන ලද තරග තුනක ජයග්‍රහාකයින් සදහා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

මෙම උත්සවය පැවැත්වෙන අතර තුර එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව – මුතුපන්තිය ධීවර ගම්මානයේ පිරිසක් විරෝධතාවයක නිතර විය.දැඩි මුහුදු ඛාදනයට ලක්ව ඇති තම ගම්මානයේ තව දුරටත් වාසය කිරීමට නොහැකි බව ඔවුන් කියා සිටියේය.තම ගම්මානයේ පදිංචිකරුවන්ට නිවාස සාදා ගැනීම සදහා වෙන් කරන බව පැවසූ භූමිය තුළ කඩොලාන රෝපනය කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවද ඔවුන් කියා සිටියේය.මෙම විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයාද එක්ව සිටීම විශේෂත්වයක් විය.උත්සවයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ විරෝධතාකරුවන් අතර සාකච්ඡාවක්ද පවත්වන ලදි.

මෙහිදී වැඩිදුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මෙසේද පැවසීය.

මම කිසිම දවසක ලෝක තෙත් බිම් දිනයකට සහභාගි වෙලා නෑ.හැබැයි සිරිපාදෙනම් දෙවතාවක් නැගලා තියනවා.අද මට මේ අභය භූමියට ආපුවහම දැණුන සතුට කියලා නිමක් කරන්න බැහැ.

පරිසරය විනාශ කිරීම අද – ඊයේ ආරම්භ කරපු එකක් නෙමෙයි.මේ රටේ පළමු රජ තුමාගේ සිට අද දක්වාම ඒක සිද්ධ වෙනවා.එහෙම කරමින් අපි කියනවා පරිසරය ආරක්ෂා කරමු කියලා.ඒක තමයි වෙනස.කොළඹ ඉන්න ඇතැම් පරිසර නායකයින් සින්තටික් න්‍යායන් ඉදිරිපත් කරමින් සිටිනවා.නමුත් ඔවුන් කිසිම දවසක ගමට ඇවිත් වැඩක් කරන්නේ නැහැ.මම කියන්නේ කොළඹ ඉදන් න්‍යාය පත්‍ර ඉදිරිපත් කරනවා වෙනුවට ගමට ඇවිත් වැඩක් කරන්න කියන එකයි.

මම කිසිම දවසක කිසිවෙකුට හිංසා කරන කෙනෙක් නෙමයි.එහෙම කියලා බයේ හැංගනෙ කෙනෙකුත් නෙමෙයි.ඒ වගේම මම කියන්න කැමතියි කිසිම දවසක කැබිනට් ඇමතිවරයෙක්,අගමැති හෝ ජනාධිපති වෙන්න මගේ අදහසක් නැහැ.මට අවශ්‍ය ජනතාවට සේවය කරන්න පමණයි.අවුරුදු ගානක් මම නැගෙනහිර පළාතේ ඉඩම් ඇමතිවරයා වෙලා හිටියා.හැබැයි මට කියලා එක ඉඩම් අගලක් මේ රටේ නැහැ.මම අදටත් ඉන්නේ රාජය් නිල නිවාසයක.

මම මාධ්‍යයට හෝ සමාජ මාධ්‍යයට බය නැහැ.මොකද මම වැරදි කරන කෙනෙක් නොවන නිසා.මම කරන්නේ,කියනනේ අවශ්‍ය දේ පමණයි.නමුත් අවාසනාවකට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඒක වැරදි ආකාරයට ප්‍රසිද්ධ කරනවා.ඒකයි වරද.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය.පසුගිය කාලයේ මටත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහත්තයාටත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා වලින් ඇති වෙන්න ගැහුවා.ඒත් අපි දෙන්නම ඒ කිසිම දෙයකට වැරදි කාරයෝ නෙමෙයි.ඒක නොදන්න පිරිසක් තමයි මේ දේවල් කලේ.ආනවිළුන්දාව අභය භූමිය කියන්නේ මගේ හදවත.ඒ නිසා මේ භූමිය රැක ගන්න මම හැකි සෑම දෙයක්ම කරන්න කටයුතු කරනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත,පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article