Saturday, May 18, 2024

වයඹ අලි මරණ 2 කක් ….

Must read

image_c71849b943අලි මරණ 2 කක් පසුගියදා වයඹ පළාතෙන් වාර්ථා වි තිබුණි. ඉන් එකක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේ  කැලයක් අසල තිබි පසුගිය 28 වෙනිදා සොයාගෙන ඇති අතර  අනෙක් සිදුවිමට අදාල වන්නේ මාස 3 ක පමණ අලිපැටවෙකි. ඒ සිරුරුද පසුගිය 28 වෙනිදා  කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අලි පාලන ඒකකව පවසා තිබේ.

ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේදි මියගිය අලියාගේ වයස අවුරුදු  40ත් 45ත් අතර වන බවත් අලියාගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක්ද වෙනත් හේතුවකින් සිදු වූවක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් නිකවැරටිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.image_76f4aa1b95image_7dfdc0da21

මේ අතර මිය ගොස් සිටින  අලි පැටවා මව් ඇතින්න හා අලි රංචුවක් සමග ජලාශය තරණය කරමින් ගොඩබිමට එමින්   සිටියදී දීයේ ගිලි මරණයට පත්වන්නට ඇතැයි වන ජීවි නිළධාරින් සැක කරයි.
අලි පැටවා දියේ ගිලීමෙන් පසුව මව් ඇතින්න හා අනිකුත් අලි රංචුව මහත් වෙහෙසක් දරමින් අලි පැටවා ජලයෙන් ගොඩ ගැනිමට උත්සහ කර තිබෙන ආකාරය ජලය බොර වීමේන් තහවුරු වන බවද වන ජීවී නිලධාරීන් සඳහන් කළේය.
රළපනාව මත මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර ආසන්නයේ රැදි සිටිමින් ඇතින්න  ඒ මේ අත කළබලයෙන් ගමන් කරන අයුරු ඒ අසළින් ගමන් ගන්නා පිරිස දැක තිබේ.
අදාල ස්ථානයට පැමිනි වනජීවි නිළධාරින් මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම කළේය.
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article