Friday, May 3, 2024

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට මොකද වෙන්නේ ?

Must read

study-1800x1200
 (2.15 pm ) අවුරුදු තුනක් තිස්සේවයඹ  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා ස්ථීර නිළධාරියකු පත්ව නොමැති තත්ත්වයක් තුල පළාතේ අධ්‍යාපන කටයුතු අඩාලව ඇති බව වයඹ ටුඩේ වෙත වාර්තා වී තිබේ.
ප්‍රධාන වශයෙන් දේශපාලන කඹ  ඇදීම්  මීට හේතුවී ඇති බව පෙනී යයි.
වසර තුනකට  පෙර පත් කල පුද්ගලයා වැඩ භාරගත් දිනට පසු  දින ඔහුව පත් කල පළාත් ආන්ඩුකාර වරයා විසින්ම ඉවත් කර ඇති අතර ඉන්පසු කාලය පුරාවටම තාවකාලික පදනම යටතේ අයෙකු වැඩ බැලීම කරයි. වාර්තා වන ආකාරයට ඔහු එම තනතුරට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත් අයෙකු නොවේ.
මේ අතර මීට කලින් එක් දිනක් පමණක් සේවය කල පුද්ගලයා නැවත දේශපාලන  සවියෙන්  පත් කිරීමේ උත්සාහයක් පසුගිය දිනවල පැවැතුණි.
අවශ්‍ය සුදුසුකම් සහිත  අයෙකු  බලපෑම් වලින් තොරව මෙම තනතුරට පත් කරන ලෙස පළාතේ අධ්‍යාපන සංවර්ධනය ගැන උනන්දු ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article