Sunday, May 5, 2024

වැටුප් කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

Must read

ntuc202005181ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් වැටුප හෝ කොටසක් රජයට ලබාදෙන ලෙස රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති ලිපියට අනුව විවිධ ආයතන මගින් මේ වන විට වැටුප් කපා දැමීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් අද (18) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේ  මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගෙන් දිනක වැටුප සේවක කැමැත්තකින් තොරව කපා දමා ඇති බවත්, එමෙන්ම මුද්‍රණ සංස්ථාව තුළත්, අධ්‍යාපන පළාත් කාර්යාල හරහා ගුරුවරුන්ගේත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීමට යැයි සඳහන් කරමිනුත්, එම සේවකයින්ගේත් වැටුප් කපා දැමීමට තීරණය කර ඇති බවත්ය. මෙය සම්පූර්ණයෙන් ආයතන සංග‍්‍රහයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත්, මෙම කපාගන්නා මුදල් කොරෝනා මර්දන අරමුදල වෙනුවෙන් ද යන්න රාජ්‍ය සේවකයින්ට විශ්වාසයක් නොමැති බවත් මෙහිදී මහින්ද ජයසිංහ මහතා  පැවසීය.
පී.බී. ජයසුන්දර මහතාගේ මෙම ලිපියට අනුව රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් මෙම වැටුප් බලහත්කාරයෙන් කපාදැමීමේ ක‍්‍රියාවලියක නිරතව සිටින නිලධාරීන්ට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස නීති මගින් කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් එහි පළමු පියවර ලෙස මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද ඉදිරියේදී ආණ්ඩුවේ මෙම ක‍්‍රියාවලියට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග වුව ගැනීමට සූදානම් බවත් ඔහු මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී, ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ඞී.එම්. විජේරත්න, එම සංගමයේ සභාපති ජගත් මහින්ද ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article