Friday, May 3, 2024

වැහි කරදර යයි. මැහි කරදර එයි !

Must read

පසුගිය දින වල ඇදහැලුණු ධාරාණිපාත වැසි නිමාවීමත් සමග පුත්තලම සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට මැසි කරදරයකින් පීඩා විදින්නට සිදු වී තිබේ.

සිය නිවෙස්වල රංචු වශයෙන් ගැවසෙන මෙම ගෙමැස්සන් මුළුතැන් ගෙය,කෑම කාමරය වැනි ස්ථානවල බවත් බහුලව ගැවසීම නිසා තමන්ට නිවෙස් අතහැර යන්නට සිදු වී ඇති බවට ජනතාව මැසිවිලි නගති.

මෙලෙස එක්වරම මැසි ඝනත්වය ඉහළයාමට හේතුව ලෙස ජනතාව පෙන්වා දෙනනේ පැවති අධික වර්ෂාවත් සමග නගරය ආශ්‍රිතව තිබූ අපද්‍රව්‍ය බැහැර කරන කාණු පද්ධතිවල අවහිරතාවයන් හේතුවෙන් ඇති වූ බව කියන පිටාර ගැලීම්ය.

නිවාසවලට පමණක් ‍නොව පුත්තලම නගරය ආශ්‍රිතව පිහිටා ඇති අවන්හල්, හෝටල්, බේකරි, මස් අලෙවි සැල්, මාළු අලෙවිසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලටද මෙම මැසි කරදර හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන/තිලක්ෂි කෞෂල්‍යා

puttalama_masso7 copy puttalama_masso6 copy puttalama_masso2 copy puttalama_masso

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article