Friday, May 3, 2024

විදුලි රැහැනක පැටලුන සරුංගලය ගැනිමට ගිය දරුවාට විදුලි සැර වදියි

Must read

සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සදහාම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ගත කර ඇත්තේ කල්පිටිය – මාම්පූරියේ පදිංචිව සිටිනහන්දිලගේ අදීස විදුසර ප්‍රනාන්දු (අවු:13) නම් පිරිමි දරුවෙකි.

27 වැනිදා සවස රෝහල් ගත කර ඇති දරුවා කල්පිටිය – දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමුකාර ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට සරුංගල් යවමින් සිට ඇත.එම සරුංගලය විදුලි රැහැනක පැටලී ඇත.විදුලි රැහැනේ පැටළුණු සරුංගලය බේරා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලිය සැර වැදී ඇත.පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරා ගෙන ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ගත කර සිටින දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article