Sunday, May 19, 2024

විසඳුම හමුදාවද ???

Must read

unnamed

ජනාධිපති කාර්ය සාධක බලකායන් පිළිබඳ සිවිල් සංවිධාන නිවේදනය

 

කෝවිඩ් 19 තත්ත්වය සඳහා ප්‍රතිචාර වශයෙන් පසුගිය කාලයේ පත් කරනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායන් පිළිබඳ තමන්ගේ දැඩි අවදානය යොමුව ඇති බව පවසමින් සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරීන් ජුනි 12 වැනි දා නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

විශේෂයෙන්ම මෙම කාර්ය සාධක බලකා අතරින් ආසන්නතම පත්කිරීම වන්නේ ජුනි 02 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නිත්‍යනුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (ගැසට් අංක 2178/18) සහිනැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’න් (ගැසට් අංක 2178/17) ද ඇතුළුව කෝවිඩ් 19 ට ප්‍රතිචාර ලෙස පත්කළ කාර්ය සාධක බලකායන්ය.

මෙම කාර්ය සාධක බලකායන් වල විෂය පථයන් පුළුල් සහ අපැහැදිලි වන අතර මෙම කාර්ය සාධක බලකායන් පිහිටුවන අවස්ථාව වන විට ඒවායේ කාර්යන් හා බලතල සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුව සක්‍රීයව නොපවතී. තවද කෝවිඩ් 19 හේතුවෙන් රට අගුළු දමා තිබු වතාවරණයක මෙම කාර්ය සාධක බලකායන් ස්ථාපිත කිරීම සම්බන්ධව පුරවැසියන්ට ඔවුන්ගේ අදහස් සහ ගැටලු‍ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීම කෙරෙහිද එහි අවධානය යොමුව තිබේ.

මේ අතරින් ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නිත්‍යනුකූල සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි සම්පූර්ණ සාමාජිකත්වය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වීම කෙරෙහි අවධානය යොමු කරන සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, 2019 දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශය, සංවර්ධන ක්‍රියාදාමය, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණ ක්‍රියාදාමයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය කිරීම සඳහා වන රජයේ අඛණ්ඩ අභිප්‍රාය මෙයින් තවදුරටත් පෙන්නුම් කෙරෙන බවයි. මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවන බව මෙම නිවේදනයේ අවධාරණය කෙරේ.

‘රටේ ජන විවිධත්වය නොසලකා හරිමින් වැඩිපුරම සිංහල සාමාජිකත්වයකින් මෙම කාර්ය සාධක බලකා සමන්විත වන අතර. නැගෙනහිර පලාත සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායේ බෞද්ධ භික්ෂූන් සඳහා සැලකිය යුතු ඉඩක් ලැබී තිබුනත් එම පළාතේ විශාලම ජනගහනය වන මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව නොසලකා හැර ඇත. එයින් හැඟී යන්නේ මෙම කාර්ය සාධක බලකා වෙනත් ජන කණ්ඩායම් නොසලකා හරිමින් බහුතරය අනුව කටයුතු කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බව’ එහි අවධාරණය කරයි.

‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් තොරව සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව වැඩ කිරීමට සැලස්විය යුතුයි. මෙම කාර්ය සාධක බලකායන් ජනාධිපතිවරයාට පමණක් වගකිව යුතු ව්‍යුහයන් වන අතර කාර්ය සාධක බලකායන්හි සාමාජිකත්වය දරන්නේ වෘත්තීය සිවිල් සේවයේ නිලධාරීන් නොව සිවිල් කටයුතුවලට අවශ්‍ය පලපුරුද්ද සහ අත්දැකීම් නොමැති ආරක්ෂක අංශයන්හි නිලධාරීන් විසින්ය.’ කැබිනට් මණ්ඩල හා අමාත්‍යාංශ බලතල පාලනයකට යටත් වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් ඒ සඳහා කාර්ය සාධක බලකායන් වෙනුවට ඉතාම සුදුසු වන්නේ 19 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති සහ සියලු‍‍ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු යාන්ත්‍රණයයි. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු මේ අවස්ථාවේ දී රට මුහුණ දී ඇති තත්ත්වයන්ට සහ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්විය හැකි වඩා ස්වාධීන හා කාර්යක්ෂම අධීක්ෂණ යාන්ත්‍රණයකි. එසේම මෙම කාර්ය සාධක බලකා සඳහා මුදල් වෙන් කෙරෙන්නේ කෙසේද යන්න ද අපහැදිලි බව මෙම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දේ. අමාත්‍යංශවලට දැනට පැවරී ඇති කාර්යයන්ම නැවත සිදුකිරීමක් වේද, රජයේ අතිරේක වැය බර අඩු කළ යුතු මෙවැනි මොහොතක එය කෙතරම් සුදුසුද ?

වසංගතයෙන් අනතුරුව රටේ ආර්ථික අර්බුදයට විනිවිද පෙනෙන සහ විශ්වසනීය ප්‍රතිචාර දැක්විය හැකි තාර්කික ප්‍රවේශයක් අවශ්‍ය වන අතර ඒ සඳහා සියලු‍ දෙනාගේ දායකත්වය ලබා ගත හැකි ක්‍රමවේදයක් රට විසින් අනුගමනය කරන බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවන අතර මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුම ද නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කරවන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම ද කිසිසෙත් විසඳුම නොවන බව සිවිල් සමාජ සංවිධාන එකතුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරයි.

අත්සන් කළේ:

පුද්ගලයින් 

  1. Amali Wedagedara
  2. Amalini De Sayrah
  3. Ambika Satkunanathan
  4. Anithra Varia
  5. Anthony Vinoth
  6. Anushya Coomaraswamy
  7. Bhavani Fonseka
  8. Bishop Kumara Illangasinghe
  9. Brito Fernando
  10. C.Ranitha Gnanarajah, Attorney at Law
  11. Chandra Jayaratne
  12. Chandraguptha Thenuwara
  13. Deanne Uyangoda
  14. Deekshya Illangasinghe
  15. Dinushika Dissanayake
  16. Dr. Anila Dias Bandaranaike
  17. Dr. Farzana Haniffa
  18. Dr. Mario Gomez
  19. Dr. Paikiasothy Saravanamuttu
  20. Dr. Sakuntala Kadirgamar
  21. Dr. Visakesa Chandrasekaram
  22. E.A. Dominic Premananth
  23. Francis Raajan
  24. Inthumathay Hariharathamotharan
  25. Iromi Perera
  26. Ishara Danasekara
  27. Jayanthi Kuru-Utumpala
  28. Joanne Senn
  29. K.S.Ratnavale
  30. Kandumani Lavakusarasa
  31. Kumudini Samuel
  32. Maithreyi Rajasingam
  33. Marisa de Silva
  34. Megara Tegal
  35. Nalini Ratnarajah
  36. Natasha Van Hoff
  37. Nilshan Fonseka
  38. Niranjala Arulnandhy
  39. Prabodha Rathnayaka
  40. Prof. Arjuna Parakrama
  41. Prof. Ashwini Vasanthakumar
  42. Prof. Maithree Wickramasinghe
  43. Rajan Hoole
  44. Ruki Fernando
  45. S.C.C Elankovan
  46. Sabra Zahid
  47. Sandun Thudugala
  48. Sanjayan Rajasingham
  49. Senaka  Perera
  50. Sharmaine Gunaratne
  51. Shreen Saroor
  52. Subajini Kisho Anton, Attorney at Law
  53. Subha Wijesiriwardene
  54. Sudarshana Gunawardana
  55. Swasthika Arulingam
  56. Thyagi Ruwanpathirana
  57. Uda Deshapriya
  58. Uween Jayasinha, Attorney at Law
  59. Varaluxmy Jeganathan

 

සංවිධාන 

  1. Australian Advocacy for Good Governance of Sri Lanka
  2. Centre for Human Rights and Development (CHRD)
  3. Centre for Policy Alternatives
  4. Committee for Protecting Rights of Prisoners
  5. Families of the Disappeared
  6. International Centre for Ethnic Studies
  7. Law and Society Trust
  8. People for Human Rights and Equality
  9. Progressive Women’s Collective
  10. Right to Life Human Rights Centre
  11. Rights Now- Collective for Democracy
  12. Transparency International Sri Lanka
  13. Viluthu
  14. Women and Media Collective
  15. Women Development Innovators
  16. Women’s Action Network

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article