Sunday, May 19, 2024

වෙන්නප්පුව සතිපොළේ කප්පම්කරුට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ??

Must read

11(10.30am)වෙන්නප්පුව සතිපොළේ  සිදුකරන කප්පම් ගැනීමකට එරෙහිව සමස්ත ලංකා සතිපොළ වෙලෙඳුන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත  පැමිනිල්ලක්යොමුකර තිබේ. මෙම පැමිනිල්ලේ පිටපතක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවටද එවා ඇත.  වෙන්නප්පුව සතිපොළේ වෙළෙදුන්ගෙන් නීත්‍යානුකූල  අයකිරීම් වලට අමතරව කප්පම් ගැනීමක් සිදුකරන බවත් මෙම ප්‍රශ්නයට මැදිහත්වන ලෙසත් මෙම ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

වෙන්නප්පුව සති පොළ පවත්වාගෙන යන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවෙන් වන අතර ඉන් පිටත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට සතිපොළෙන් ආදායම් ලැබිය නොහැක. තත්ත්වය මෙසේ තිබියදී කාලයක පටන් වෙන්නප්පුව සති පොළේ වෙළෙඳුන්ට  ප්‍රාෙද්ශීය සභාවට  මුදල් ගෙවනවාට අමතරව තවත් පුද්ගලයෙකුට කප්පම් ගෙවිමට සිදුව තිබේ.
දැනට දින කීපයකට පෙර වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ පොදු පහසුකම් කමිටුව රැස්වූ අවස්ථාවේදී සතිපොළේ කප්පම් ගැනීමේ ප්‍රශ්නය ගැන යම් සාකච්ඡාවක් සිදුව ඇත. එයට හේතුව සමස්ත ලංකා සතිපොළ වෙළ‍ෙඳුන්ගේ සංගමයෙන් මේ සම්න්ධයෙන් ලිඛිත පැමිනිල්ලක්  කර තිබීමයි. සතිපොළ වෙළෙදුන් පීඩාවටපත්කරමින් මේ ආකාරයට කප්පම් ගන්නා පුද්ගලයා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුගත් නෙවිල් ජානක වන බවත් මෙම චෝදනාව සතිපොළ වෙළඳුන්ගේ සංගමය විසින්  ඔහුට සම්බන්ධයෙන් සිදුකර ඇති බවත්  වාර්තා වේ. මේ සම්බන්ධයෙන්  පසුගිය 09 වනදා පැවති වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේදී  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඇන්ටන් කුමාර මහතා ඇතුළු කීපදෙනෙකු ප්‍රශ්න කර ඇති අතර එම ප්‍රශ්න කිරීමට මහා විරෝධයක් ආණ්ඩු පක්ෂයෙන් පැන නැගුණි.  ආන්ඩු පක්ෂය විසින් කියා සිටියේ  මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිනිල්ලක් හෝ  කිසිවෙකුවත් සිදුකර නොමැති අතර නිස්කාරනේ මෙම මන්ත්‍රීවරයාට අපහාස නොකරන ලෙසයි.  කෙසේ නමුත් පොදු පහසුකම් කමිටුවේ සභාපති  ප්‍රා.සභා මන්ත්‍රී ජූඩ් උඩුගම්පොළ මහතා පොදු පහසුකම් කමිටු වාරයේදී මෙම ලිඛිත පැමිනිල්ල සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න බවට ප්‍රකාශ කර තිබේ.  එසේ වුවත් පසුවදා පැවති ප්‍රාෙද්ශීය සභා වාරයේදී ඔහු දවල් මිගෙල් රෑ දනියෙල් ගේ චරිතය රගපා ඇති බව වාර්තා වේ.  වෙන්නප්පුව සතිපොළේ වෙළෙදුන්ට තර්ජනය කිරීම,කප්පම් ගැනීම ගැන චෝදනා කරමින්  සමස්ත ලංකා සති පොළ වෙළෙදුන්ගේ සංගමයෙන් එවා ඇති මෙම පැමිණිල්ලේ  වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඇතුලු පුත්තලම් දිස්ත්‍රික් දේශපාලන තනතුරු කීපයකටද මේ සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බව  වාර්තා වේ.
සතිපොළෙන් කප්පම් ගන්නා මෙම මන්ත්‍රීවරයා ප්‍රාෙද්ශීය දේශපාලනඥයින් කීපදෙනෙකුගේ දේශපාලන  හය්ය ඇතිව නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන බව ජනතාව පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article