Sunday, May 5, 2024

වෙළඳසැල් 20 කින් 10ක නුසුදුසු ආහාර පාන

Must read

PHI2 PHI1.
මෙවර අළුත් අවුරුදු සමයේ දි පාරිභෝගික ජනතාවට ආහාරයට සුදුසු ආහාර පාන අලෙවි කරන්නේ දැයි හලාවත නගර සභා සීමාවේ වෙළද සැල් පරීක්ෂා කර බලා  මිනිස් පරිභෝජනයට නුසුදුසු  ආහාර පාන අලෙවි කරමින් සිටි වෙළද සැල් දහයකට නඩු බැවරිමට පියවර ගත් බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලය කියයි.
අළුත් අවුරුදු උත්සව සමයේ දි පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්  මෙම වෙළද සැල් පරික්ෂා කිරිම සංවිධානය කර තිබුණි. පුරා දින දෙකක කාලයක් තුළ නගරයේ වෙළද සැල් විස්සක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ පරික්ෂාවට ලක් වු බවත් කියයි. 
මෙම  පරීක්ෂා කිරිමේ දි නගරයේ පවත්වා ගෙන යනු ලබන ජනප්‍රිය සුපිරි වෙළදසැල්මෙන්ම ප්‍රසිද්ධ හෝටල් ආපන ශාලාවන්ද පීසා අලෙවි කරණ අලෙවි සැල්ද කොත්තු කඩ ද දැඩි ලෙසින් පරික්ෂාවට හසුවු අතර  ඒ සැම වෙළද සැල් වල තිබි කල් ඉකුත් වු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තබා තිබු ගුල්ලන් ගැසු ආහාර පානද  සොයා ගත් අතර  එසේ අත් අඩංගුවට ගත් වෙළද සැල් වලට එරෙහිව නඩු පවරණ බවත් කියයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන විනාශ කිරිමටත් පියවර ගෙන ඇති බවත් කියයි.
හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරිනි අරුල්දේවි මහත්මිය සහකාර සෞඛ්‍ය සේවා නිලධාරි වෛද්‍ය අමරසිංහ  යන මහත්වරුන්ගේ උපදෙස් අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මංචනායක  හලාවත නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක  සමන්ත සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන ආර්.එම්.පී.කේ අධිකාරි නිපුන බාලසුරිය 
බි.එම් වන්නිනායක යන මහත්වරුන් මෙම වැටලිමට එක්ව සිටියහ.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු	
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article