Sunday, May 19, 2024

සංරක්ෂනය කළ යුතු මාදම්පේ දුම්රියපොළේ ඇති වසර 109 ක් පැරණි ජල ටැංකිය සහ ජල නලය

Must read

104 101(1)

ගල් අගුරු දුම්රිය මෙරට ධාවනය කළ යුගයේදී ඉදිකරන ලද ජල ටැංකියක් සහ ජල නලයක් කිසිදු සංරක්ෂණ කිරීමකින් තොරව මාදම්පේ දුම්රිය ස්ථානය තුළ විනාශයට පත් වෙමින් පවතී.  1911 වර්ෂයේදී මෙම ජල ටැංකිය සහ ජල නලය ඉදිකර ඇති බව පැවසේ.  එම ජල ටැංකිය සහ ජල නලය උපයෝගී කරගෙන ගල් අගුරු දුම්රිය ඇන්ජින් වලට අවශ්‍ය ජලය අතීතයේදී ලබා දී ඇති බවද කියති.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙවැනි ජල ටැංකි සහ ජල නල මෙරට ස්ථාපනය කර ඇත්තේ ස්ථාන කීපය පමණක් බව දුම්රිය සේවකයින් සදහන් කරයි.වසර 109 ක් පැරණි මෙම ජල ටැංකිය සහ ජල නලය පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ලෙස නම් කර සංරක්ෂණය කර ගත යුතු බවද දුම්රිය සේවකයින් සදහන් කරයි.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article