Monday, May 6, 2024

හලාවත නගර සභාවට බන්ධනාගාරයේ සිටින මන්ත්‍රීවරයා පැමිණීමේ අනතුර ?

Must read

ඊයේ (13)  පැවති හලාවත නගර සභාවේ  අයවැය ඉදිරිපත්කිරීමේ සභාවාරයට බන්ධනාගාරගත කර සිටි නාගරික මන්ත්‍රී ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු සහභාගී වීය. ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව  මීගමුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියි. ඔහු සමග බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ සිටින ලදී.
මන්ත්‍රීවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක්ද ප්‍රශ්නයක් මතුකර තිබුණි. මේ වනවිට බන්ධනාගාර වල පවතින කොවිඩ් 19 අසාධනය වීමේ ප්‍රවනතාවය ගැනයි. ඒ අනුව බන්ධානාගාරයේ නිලධාරීන්ටද පිටතට යාම තහනම් කර ඇති තත්ත්වයක එහි සිටින පුද්ගලයෙකු නගර සභාවට පැමිණිම අනෙක් පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාවට අනතුරක් බව ඇය ප්‍රකාශ කර තිබුණි. මේ වනවිට රටේ බන්ධනගාර කීපයකින්ම අසාධිතයින් හමුවී තිබේ. මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැදවියන් වෙනුවෙන් දළුපත පිහිටි එළිමහන් සිරකඳවුර තුල කාන්තා රැඳවියන් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවිමට මුලික කටයුතු සුදානම් කොට තිබුනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article