Sunday, May 19, 2024

හලාවත සහ මාදම්පේ ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

Must read

panic

හලාවත සහ මාදම්පේ ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

හලාවත – මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.එම ආසාධිතයාගේ 68 හැවිරිදි පියා පසුගිය 13 වැනිදා කොරෝනා ආසාධනය වීම හේතුවෙන් මිය ගොස් ඇත.
පියා ප්‍රතිකාර සදහා රෝහල් ගත කල අවස්ථාවේ එම අයගේ සහායට රෝහලේ සිට ඇත්තේ මෙම අය බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මේ අතර,මාදම්පේ – පම්බල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.හලාවත මාළු වෙළද පළේ ආශ්‍රිතයෙකු ලෙස මෙම අය හදුනා ගෙන ඇත.ඔහුගේ ආශ්‍රිතයිනක් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය පැවසුවාය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article