Saturday, May 18, 2024

හලාවත පොදු වෙළදපොල අසල ගසකින් එල්ලෙන මළසිරුරක් හමුවෙයි

Must read

01

හලාවත පොදු වෙළද පළ ආසන්නයේ තිබී හමුවූ සැකකටයුතු මළ සිරුරක් අද (19)   සොයා ගන්නා ලදී.  හලාවත පොදු වෙළද පළ ආසන්නයේ ඇති ගසක රැහැනක එල්ලෙමින් තිබූ මළ සිරුරක් දැක ඇති අයෙකු ඒ බව හලාවත පොලීසියට දැණුම් දී ඇත. ඒ අනුව මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා හලාවත පොලීසිය විසින් නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා කැදවා ඇත. මිය ගොස් ඇත්තේ පල්ලම – පොත්තුක්කුලම පදිංචිව සිටි රන්දෙණි පතිරැන්නැහැලාගේ චන්දන රන්දෙණිය (අවු:40) නම්වූ අවිවාහක අයෙකි.
සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලෙස හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක එස්.එම්.ජවහාර් මහතා හලාවත පොලීසියට නියම කළේය.

මළ සිරුර තිබූ ආකාරය සහ මිය ගොස් ඇති අය පැළද සිටි බව කියන පාවහන් යුවල ගස යට තිබූ ආකාරයෙන් මරණය සම්බන්ධයෙන් සැකයක් ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා හලාවත පොලීසියට නියම කරන ලදි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.02(1) 03(1)

ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article