Saturday, May 18, 2024

හලාවත මයික්කුලමට ගංවතුර පවුල් පන්සියයනට වැඩි සංඛ්‍යාවක් අනාථයි

Must read

mai3
ගතවු සතියක පමණ කාලයක සිට කඩින් කඩ ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවක් සමගම වැව් කිහිපයක් පිටාර ගැලීමෙන් පසුගිය සිකුරාදා ( 14දා ) සිට හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පවුල් 500 කට වැඩි සංණඛ්‍යාවක් ගංවතුර තර්ජනයකට මුහුණ දි සිටින බව කියති.
මුන්නේශ්වරම නල්ලනායගම් පනන්කුඩාව යන වැව් වල ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් පිටාර ගලා යාම නිසා මේ වන විට මයික්කුලම අසරප්පා වත්ත පනන්කුඩා වත්ත වුඩ්ලන්ඩ් වත්ත මාවීකොටුව වත්ත සවරාන අලඹ යන ප්‍රදේශයන් වෙත ගංවතුර ගලා එමින් ඇතැම් නිවාස පවා ගංවතුරට මුහුණ දි ඇති බවත් කියති. සෑම වසරකදීම අධික වර්ෂාව ඇද හැලෙන අවස්ථාවල දි තමන් ගංවතුර තර්ජනයකට මුහුණ දෙන නමුත් මේ සම්බන්ධයෙන් කොතෙක් පවසා සිටියත් ඒ ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව හෝ තම ගම්මාන ආරක්ෂා කර ගැනීමට මේ දක්වා කිසිදු වැඩ සටහනක් ක්‍රියාත්මක නොකිරිම කණගාටුවට කරුණක් බවත් කියති. මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ගංවතුර නිසි ලෙසින් ගලා ගොස් කලපුවට එකතු වීමට අවශ්‍යය ඇල මාර්ගයක් ඇති නොකිරිම බවත් ගම්වාසින් පෙන්වා දෙති. පසුගිය යහ පාලන කාලයේ දි මෙම ගම්මානවලට ගංවතුර තර්ජනයක් ඇති නොවිම පිණිස කියා කොළඹ හලාවත දුම්රිය මග දෙපස පිහිටි කාණුව සුද්ධ පවිත්‍ර කළත් දැන් සිදුව ඇත්තේ කලින් ගංවතුර තර්ජනයක් ඇති නොවු අලඹ ප්‍රදේශයට මෙම ඇල මගින් ගංවතුර ගලා එන බවත් ජනතාව පෙන්වා දෙති.

mai5 (2) mai 1මෙම ඇල මාර්ගය සකස් කිරිමට එම කාලයේ දි ජනතාව දැඩි ලෙසින් විරෝධතාවක් එල්ල කළත් එය නොතකා රුපියල් ලක්ෂ 36 ක වැයක් මේ සදහා දරා ඇති බවත් කියති. මුන්නේශ්වරම ප්‍රදේශයේ සිට ගලා එන වැසි වතුර කලපුව වෙත යාමට අවශ්‍යය ස්ථිර ඇල මාර්ගයක් සකස් කර දෙන ලෙස වසර ගණනාවක සිට ඉල්ලා සිටියත් එසේ කිරිමට වගකිව යුතු අංශ කඩිනම් පියවර නොගැනීම නිසා තමන් වැසි කාලයේ දි දැඩි අපහසුකට මුහුණ දෙන බවත් කියති. මේ දිනවල ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලමින් පවතින අතර ගංවතුර ද නොඅඩුව ගලා එන බවත් සමහර ප්‍රදේශයන් වෙත තත්ත්වය දැක බලා ගැනීමට වගකිව යුතු කිසිවකු මේ දක්වා පැමිණ නැති බවත් කියති. මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට බැකෝ යන්ත්‍ර යොදවා මයික්කුලම හරහා වැටි ඇති කොළඹ හලාවත මාර්ගයේ දෙපස කාණු සුද්ධ කිරිම සිදු කළත් අතුරු මාර්ග පවිත්‍ර කිරිමට කිසිදු අවධානයක් යොමුවි නොමැතිබවයත් කියති. මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ගෙන මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි එම නිලධාරිවරයා පෙන්වා දුන්නේ මෙම ගම්මාන වල තත්ත්වය තමන් වෙත වාර්තාවි ඇති අතර ඇල මාර්ග සුද්ධ කිරිමට හලාවත ප්‍රාදේශීය සභාවට දන්වා ඇති අතර මයික්කුලමේ ගංවතුර තත්ත්වයට විසදුම් ලබා දීමට මේ වන විට රුපියල් මිලියන නවයක මුදලක් අනුමත වි ඇති අතර එම මුදල් යොදවා සුදුසු ක්‍රියා මාර්ග ගන්නා බවත් පැවැසීය. ගංවතුර ගලා ආ අයුරු හා කාණු සුද්ධ කරණ අයුරු ජායාරූප වල දැක්වේ.


 ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article