Friday, May 17, 2024

හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් කොවිඩ් ආසාධිතයින් තිදෙනෙක්

Must read

1600x960_170507-fact-check-1-1-web

හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වලින් කොවිඩ් ආසාධිතයින් 03 කු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

හලාවත – සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට පැමිණි අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්.  පරීක්ෂණයකදී එම අය කොවිඩ් ආසාධිතයෙකු බවට හදුනා ගෙන ඇත.

මේ අතර,ආරච්චිකට්ටුව,බංගදෙණිය – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචි මවකට සහ දියණියකට කොවිඩ් ආසාධිත බවට හදුනා ගෙන ඇත.මෙම දෙදෙනාම මීට පෙර කොවිඩ් ආසාධනය වීම ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා සිටි දෙදෙනෙකි. 34 හැවිරිදි මව කොවිඩ් ආසාධිත යෙකු බවට පසුගිය නොවැම්බර් මස 29 වැනිදා අනාවරණය වී තිබුණි.ඇය දංකොටුව ප්‍රදේශයේ ඉස්සන් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි අයෙකි.07 හැවිරිදි දියණිය කොවිඩ් ආසාධිත අයෙකු බවට දෙසැම්බර් 02 වැනිදා හදුනා ගෙන තිබුණි.

මොවුන් දෙදෙනාද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා හලාවත මහා රෝහලට පැමිණි අවස්ථාවේදී සිදු කර ඇති පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුන් ආසාධිත බවට හදුනා ගෙන ඇත.

හදුනා ගෙන ඇති ආසාධිතයින් තිදෙනාම ප්‍රතිකාර සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.


 

ජුඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article