Friday, May 3, 2024

හලාවත සහ මාරවිල රෝහල් වලට ලේ පරිත්‍යාගීන් අවශ්‍යයයි

Must read

180421854_4026365344087752_4601403344055640313_n
වසංගතය දරුණු ලෙස පැතිරෙන මේ කාලයේ අප නීරෝගී රුධිර දායකයින් වෙත නිරන්තරයෙන් ඉල්ලීම් කරන්නේ රුධිරය වෙනුවෙන් විකල්පයක් හෝ ආදේශකයක් නොමැති නිසා.
හලාවත මාරවිල සහ පුත්තලම යන දිස්ත්රික්ක රෝහල් එක් පර්ෂදයක (cluster) ලේ බැංකු වේ. එම පළාත තුළ රුධිර අවශ්යතා සපුරාලන්නේ එම ප්රදේශයේ ඉහත සඳහන් ලේ බැංකු තුනේම කාර්යය මණ්ඩලයේ සහ රුධිර පරිත්යාගශීලීන්ගේ අසමසම කැපවීමෙන් !  එමෙන්ම අතිරික්ත පට්ටිකා සහ රුධිරය රටේ අවශ්යතාවයක් පැන නැගි සෑම මොහොතකම ඒ සඳහා යෙදවිනි.
රුධිරගත රෝග වන තැලසීමියා රෝගය බහුල, නීරක්තිය පමණක් නොව දරු උපත් සඳහා මෙන්ම හදිසි අනතුරු සහ ගර්භණී මව්වරුන් හට ඔබෙන් ගන්නාවූ රුධිර දිවි සුරකින ඔසුවකි.
අදවනවිට පිරිස් එක් රැස් කරමින් විශාල රුධිර කඳවුරු පවත්වන්නට අපහසු නිසා දායක පහසුකම් සහ ඉඩකඩ ඇති හලාවත සහ මාරවිල ලේ බැංකු වෙත ගොස් රුධිර පරිත්යාග සිදු කරන ලෙස ඔබෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමු.
දැනට රුධිර දායක පහසුකම් ඇති හලාවත හෝ මාරවිල ලේ බැංකු පරිශ්රය තුළ ලේ දන් දීමට එන්න

? හලාවත, මාරවිල ලේ බැංකු පරිශ්රය වෙත ඔබට ළඟා වීමට රෝහලට පිටතින් පිවිසුමක් ඇත. ඔබ රෝහල හෝ රෝගීන් සමඟ මුසුවෙන්නේ නැත.

? ලේ බැංකු කාර් යය මණ්ඩලය , කොවිඩ් දෙවන එන්නත් මාත්රාවද ලබාගෙන ඇත. එම රෝහලේ රෝගීන්,කොවිඩ් ආසාදිත රෝගීන් හෝ සෙසු කාර්යය මණ්ඩලය සමඟ මුසුවීමක් හෝ නිරාවරණයවීමක් ලේ බැංකු කාර්යය මණ්ඩලයට නැත.
? ආරක්ෂිත ක්රමවේද උපරිම ලෙස පවත්වා ගනිමින් ලේ බැංකු කාර්යය මණ්ඩලය මුහුණු ආවරණ , සෞඛ්යාරක්ෂිත ඇඟලුම් සමග ඔබෙන් නිසි ක්රමවේද යටතේ අවම වේලාවක් මිඩංගු කර රුධිරය ලබා ගනී.
? සෑම පරිත්යාගයකින් පසු එම ස්ථානය පිරිසිඳු කරනු ලැබේ. ලේ බැංකු පරිශ්රය විෂබීජහරණය කර සෞඛ්යාරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ.
? ඒ සඳහා කලින් වේලාවක් වෙන්කර ගන්නේ නම් පිරිස් රැස්වීම අවම කළ හැක.
දුරකථන අංක : 0322 224 261 හලාවත, අමතා හෝ nbts.health වෙබ් අඩවිය වෙත පිවිස ඔබට පහසු වේලාවක් වෙන්කරවා ගන්න.
? උදෑසන 8- සවස 4 වන තෙක් පරිත්යාගය සඳහා පැමිණෙන රුධිර දායකයින් වෙනුවෙන් ලේ බැංකු විවෘතව පවතී. ඔබ නීරෝගී සෞඛ්ය සම්පන්න අයෙකු නම්, රුධිර දායක අංශය අමතන්න. අවශ්යම මොහොතේ ජීවිත බේරාගැනීමට ඉදිරිපත්වන හලාවත , මාරවිල ප්රදේශයේ රුධිර පරිත්යාගශීලීන් වෙත දැයේ ප්රණාමය හිමි වේ.
ජාතික රුධිර පාරවිලයන සේවය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article