Sunday, May 5, 2024

හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Must read


මෙරට දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

හිටපු අමාත්‍යවරයාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, කටුගම්පල පිහිටි නිවසට ඊයේ (20) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article