Sunday, May 19, 2024

17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් මීගස්වැව ජලාශයෙන් හමුවෙයි

Must read

IMG-20200720-WA0021(1)

කරුවලගස්වැව – මීගස්වැව ප්‍රදේශයේ ජලය ගලා යනඇල මාර්ගයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

20 වැනිදා පෙරවරුවේ මෙම මල සිරුර හමුවී ඇත. මිය ගොස් ඇත්තේ ඉහළ පුලියන්කුලම – මහගම පදිංචිව සිටි හත්වෙනි මුදියන්සේලාගේ හර්ෂ රුක්ෂාන් දිසානායක (අවු:17) නම් තරුණයෙකුගේ බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය කියයි. මීගස්වැව ප්‍රදේශයේ තමන් විසින් කරගෙන යන රට කජු වගාවක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ඥාතීන් දෙදෙනෙකු සමග මෙම තරුණයා 19 වැනිදා රාත්‍රීයේ ගොස් තිබේ. ,20 වැනිදා අළුයම මෙම ඥාතීන් දෙදෙනා තරුණයාගේ සිරුර දැක ඇති බව පොලීසියට කටඋත්තර දී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article