Tuesday, May 7, 2024

“ගල්විල සෆාරි උද්‍යානය” වන රක්ෂණ අධ්‍යක්ෂකවරයා අතින් විවෘත වේ

Must read

01 (10)

පුත්තලම – කරුවලගස්වැව  “ගල්විල සෆාරි උද්‍යානය”වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව.ඒ.සී.වේරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ මෙම පාරිසරික වන උද්‍යනය පිහිටා ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන්නියාගම,වීරක්කොඩිචෝලේ සහ ඉපලෝගම යන රක්ෂිත වනාන්තර වල හෙක්ටයාර් 30,000 ක පමණ භූමියක් මෙම පාරිසරික උද්‍යානයට අයත් වේ.ද්විතීය සහ ප්‍රාථමික වනාන්තර මෙම පාරිසරික උද්‍යානයේදී දැක ගැනීමට හැකියාව ඇත.එමෙන්ම වන අලියා,දිවියා,විවිධ උරග වර්ග මෙන්ම පක්ෂීන්ද මෙම පාරිසරික උද්‍යානයේදී දැක ගත හැකි  බව තරුණ සත්ත්ව ගවේෂකයින් සදහන් කරයි.01 (1)

මෙම පාරිසරික උද්‍යානය තුළ පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන කීපයක්ද දක්නට ඇත.”ලුණුගල” නමින් හදුන්වන කදු ගැටයක් මෙම උද්‍යානය තුළ පිහිටා ඇති අතර,එහි නටුඹුන් වී ගොස් ඇති චෛත්‍යයක සළකුණුද දක්නට ඇත.මෙම කදු ගැටය තුළ ගල් ගුහා කීපයක්ද දක්නට ඇත.එක් ගල් ගුහාවක බ්‍රහ්මී අක්ෂරද දක්නට තිබීම විශේෂත්වයකි.මෙම කදු මුදුනේ සිට අවට පරිසරය නිරීක්ෂණය කිරීමේ හැකියාවද සංචාරකයින්ට ඇත.

තබ්බෝව අභය භූමියේ සිට කහල්ල පල්ලකැලේ අභය භූමිය යා කරන අලි මංකඩ වැටී ඇත්තේද මෙම පාරිසරික උද්‍යානය මතිනි.

පරිසරය,ගහ කොළ,පක්ෂීන් මෙන්ම වන සතුන් සම්බන්ධයෙන් ගවේෂණය කර පරිසරවේදීන්ට මෙන්ම සංචාරකයින් සදහාද මෙම පාරිසරික උද්‍යානය ප්‍රයෝජනයට ගත හැකි බව පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා සදහන් කරයි.

ගල්විල පාරිසරික උද්‍යානයේ වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ සිට එහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මාධ්‍යවේදී කණ්ඩායම් කීපයක්ම පසුගිය කාලය තුල එහි සංචාරය කරන ලදි.නමුත් මෙම පාරිසරික උද්‍යානය නිල වශයෙන් විවෘත කළ අවස්ථාවට කිසිදු මාධ්‍යවේදියෙකු සහභාගි වී නොසිටීම විශේෂත්වයක් විය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්.ඒ.සී.වේරගොඩ මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ පවතින තත්ත්වය නිසා වැඩි දෙනෙකු සහභාගි කර නොගෙන විවෘත කිරීම සිදු කළ නමුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැණුවත් කිරීමට කටයුතු කරන බවය.1595307468915_23 27 28 26 01 (6) 20

ජුඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article