Sunday, May 19, 2024

වැඩ තහනමකට එරෙහිව ලංකාබැංකු සේවක සංගමයෙන් හලාවතදී විරෝධතාවක්

Must read

DSC_1013 DSC_1014
ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභික අමිල සුනිමල් මහතාගේ වැඩ තහනම් කිරිම හෙළා දකිමින් වහාම ඒ මහතා යළි සේවයෙහි පිහිටුවන ලෙසට ඉල්ලා ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරණ ලද විරෝධතාවක්  21 දා  දහවල් පැය පැයේ දි බැංකු සේවක සේවිකාවන් පිරිසක් විසින් හලාවත නගරයේ දි පවත්වන ලදී.
අමස්පාර සණස සංවර්ධන බැංකුවේ සේවය කරමින් සිටිය දි අමිල සුනිමල් මහතාගේ සේවය එහි පාලන අධිකාරිය විසින් හිතුවක්කාර ලෙසින් නවතා දැමු අතර පසුව ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබා දෙන ලද බවත් කියයි. මෙම වැඩ තහනම අුසාධාරණ වන අතර අගමැතිවරයා සමග සිදු කතරණ ලද සාකච්චාවක ප්‍රතිළුලයක් වශයෙන් අගමැතිවරයා ඒ මහතා යළි සේවයෙහි පිහිටුවන ලෙසට සණස බැංකු බලධාරින්ට දන්වා තිබුණත් එම ඉල්ලිම පවා නොතකා හැරීමට එම පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවත් කියයි.
මේ අනුව ඊයේ ( 21 දා ) දහවල් ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් දිවයින් පුරා දිසා මට්ටමින් විරෝධතාවක් පැවැත්විමට ගෙන තිබු පියවර අනුව හලාවත විරෝධතාව පැවැත්විණි.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article