Friday, May 17, 2024

මහ වැසි පුද්ගලයි 4ක් බිලි ගනියි

Must read

mai 1දිවයිනට බලපවත්වා ඇති   අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව තිබේ. දිස්ත්‍රික් 09 ක  පවුල් 11,796 කට අයත් පුද්ගලයන් 46,730 ක් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ ඇති වූ සිදුවීම්වලින් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව ඇත. තවත් 03 දෙනෙකු තුවාල ලබා සිටී. නිවාස 639 කට පමණ හානි සිදුව ඇත.
අධික වර්ෂා සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි අතර මේ නිසා කොළඹ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 06 සඳහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 07 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article