Friday, May 3, 2024

විනෝදාස්වාදයෙන් වලකින්න – මඩු වන්දනාකරුවන්ට අගරදගුරුගෙන් ඉල්ලීමක්

Must read

විනෝදාස්වාදයෙන් වලකින්න – මඩු වන්දනාකරුවන්ට අගරදගුරුගෙන් ඉල්ලීමක්

අගෝස්තු මාසයේ 15 වනදා පැවැත්විමට නියමිතව තිබෙන මඩු මංගල්ලයට සුදානම්විම පිලිබදව මන්නාරමේ අගරදගුරු හිමිපාණන් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී මාධ්‍ය අමතා කතා කළ හිමිපාණන් පැවසුවේ පසුගිය වසරේ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ බැතිමතුන්ට මංගල්‍යයට පැමිණීමට නොහැකි වූ නමුත් මෙවර එවැනි ගැටලු ඇති නොවන නිසා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවයි.මඩු දේවස්ථාන භූමිය තුළ වන්දනාකරුවන් සඳහා ඉදිකරන ලද නිවාස 580 ක්  ඇති අතර මේ වනවිටත්  දැන් බොහෝ දෙනෙක් කූඩාරම්වල නැවතිලා සිටින බවයි. තවදුරටත් මෙම සාකච්චාවේදී පහත සදහන් කරුණු අගරදගුරු හිමිපානන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.

පවතින තත්ත්වය දෙස බලන විට ලක්ෂ තුනකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම 29 සිට 3 දක්වා නිවාඩු දින බැවින් වැඩි පිරිසක් මෙම උත්සවය නැරඹීමට පැමිණෙන බවද දැනගන්නට ඇත. ඒ නිසා මේ උත්සවයේ නීති රීති විධිමත්ව සංවිධානය කළ යුතුයි. ඒ නිසා අපි රජය සහ අනෙකුත් අයගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයාගේ සැලසුම් යටතේ සියලු දෙනාම විශිෂ්ට සහයෝගයක් ලබා දෙනු ඇතැයි මම සිතමි.

එසේම මඩු දේවස්ථානය වන්දනා කරන්නන් මෙහි වන්දනාමාන කරන විට ඔබේ විනෝදාස්වාදය සිදුකරන ක්‍රියාවන් දේවස්ථානයෙන් ඈත්ව නිවෙස්වලින් හෝ කූඩාරම්වලින් ඈත් කර තැබිය යුතුය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article