Tuesday, May 7, 2024

20 වන ව්‍යවස්ථා සංශෝධන පත්‍රිකාව අද කැබිනෙට්ටුවට ??

Must read

සුදුව1
රජයේ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන්  දීර්ඝ කාලීන ජනතා අරගලයකින් පසු සිදුවූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල වෙනස් කිරීම වෙනුවෙන් ඉදරිපත්කරන  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පත්‍රිකාව අද (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ බව ඊයේ (19) අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ එම්. යූ. එම් අලී සබ්‍රි මහතා මාධ්‍යයට පවසා තිබේ.  ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයට ලැබී ඇති තුනෙන් දෙකේ ජනවරමට මුවාවී  මෙම 19 වෙනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ලබාදී ඇති ව්‍යවස්ථාමය බලයක් වෙනස් කිරීමට පාලකයන් දරන උත්සාහය දැන් කරලියට පැමිණ තිබේ.

20 වැනි සංශෝධනය මඟින් සිදු කරන වෙනස්කම් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනාවරණය කිරීමට නියමිත අතර  20 වැනි සංශෝධන සංදේශයට කැබිනට් අනුමැතිය ලැබුණු පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තවදුරටත් සාකච්ඡා කරන බවද මහජනතාවට අදාළ පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදීව හා විනිවිදභාවයෙන් 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නා බවද අමාත්‍ය අලී සබ්‍රි මහතා වැඩිදුරටත්  පවසා තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article