Saturday, May 18, 2024

2019 , ලොව වැඩිම පරිසරවේදීන් සංඛ්‍යාවක් ඝාතනය කළ වසරයි

Must read

berta-caserass
ලොව වැඩිම පරිසරවේදීන් (212) ඝාතනය වන්නේ 2019 වසරේදීය. ඔවුන් ඝාතනය කිරීමට පෙර සංවර්ධනට බධා කරනන් ලෙස හා ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබිණි. බර්ටා කැසරස්ව යමිතාක් දුරකට මා හට හුදුනා ගැනීමට හැකි වන්නේ 2016 වසරේ මුල් මාසය තුළ ස්පාඤ්ඤයේ වැලන්සියා විශ්ව විද්‍යාලයේ තිබු ලෝක වනාන්තර හා ඉඩම් සම්බන්ධව තිබූ සමුළුවේදීය . එක්සත් ජාතින්ගේ සංවිධානය සමග දීර්ඝ සාකච්ජාවකින් අනතුරැව අපට නැවතත් වැටහුනේ එම සංවිධාන අපගේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් නොවන බවයි. එම සමුළුව නිමවී මා මගේ රටටත් කැසරස් හොන්ඩුයුරාස් වෙතටත් පිටත්ව ගියා. මසක් ගත වන්නටත් කලින් ඇයව වෙිඩිතබා ඝාතනය කර ඇති බව දැනගත්තේ දුමින්ද අලහකොන් සහෝදරයාගේ පේස් බුක් පිටුවේ ඇයගේ ජයාරූප දමා තිබිමත් සමගය.

කැසරස්ලා අරගල කළේ තමන්ගේ ගෙවල් දොරවල් බේරා ගැනීමට නොවේ. ලෝකය යහපත් තැනක් බවට පරිවර්තනය කිරීම සඳහා ගහකොළ, ඇල දොාළ, බිංකරේ බේරා ගැනීම වෙනුවෙනි. The Guardian පුවත් පත දක්වා සිටින ආකාරයට 2019 වසරේ සෑම සතියකටම හතරදෙනෙක් බැගින් පරිසරවෙිදීන් ඝාතනය කර ඇත. එම ඝාතන වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්කේ දකුණු ඇමරිකා, අප්‍රිකා හා ආසියා රටවලය.
2019 වසරේ පිලිපීනයේ 43 , මෙක්සිකොවෙි 64,බ්‍රසීලයේ 24, මෙක්සිකෝවේ 18 හා හොන්ඩුයුරාස් හි 14 වශයෙන් ඝාතනය කර ඇති අතර ඉන්දියාව, කාමිබෝජය, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් වල පසුගිය වසර තුළ පරිසරවේදීන් ඝාතනය කර ඇත. පසුගිය වසරේ නොවුනත් යාපනයේ වැලි ගොඩ දැමීමකට එරෙහි වු දමිළ තරැණයෙක් යුද්ධයෙන් පසුව මරා දමා තිබුන අතර පෙෘද්ගලිකව අපට පහර දුන් අවස්ථා,මරණ තරජන කළ අවස්ථා අප්‍රමාණව ඇත. නමුත් ඒ උදෙසා කළ පැමිණිලි පවා පොලීසිය මගින් විභාග නොකරන ලදී. මගේ කතාවලට වඩා මෙහි බරපතල තත්ත්වය පොදු⁣වේ උකහා දැක්වීම වටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කොමිසම පවසන්නේ 2019 වසර වැඩිම පරිසරවේදීන් ලොව පුරා ඝාතනය කළ වසර ලෙසය. ඒ අනුව පසුගිය වසරේ ලොව පුරා පරිසරවේදීන් 212 ඝාතනය කර ඇත. 2020 අපේල් 14 වන මෙක්සිකෝවේ එම වසරේ තුන් වන පරිසරවේදියාත් ඝාතනය කරන ලදී. මෙම පරිසරවේදීන් ඝාතනය කිරීමට පෙර බොහෝ රාජ්‍යයන් ඔහුන්ට අලවන පොදු ලේබලයක් ඇති බව ලොව ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකු වන රාජ් දේසායි තම සටහන් තුළ දක්වා ඇත.

“Global Witness documented governmental armed forces labelling environmental activists as “anti-development rebels” or “terrorists” to delegitimise certain communities’ environmental concerns, which put these defenders at risk of lethal attacks, unjust prosecutions and other abuses and threats”

ඔහුට අනුව ඝාතනය කරන ලද බොහෝ පරිසරවේදීන්ට ජීවත්ව සිටින කාලයේදී ත්‍රස්තවාදීන් හෝ සංවර්ධනට බාධා කරන්නන් ලෙස හදුන්වා ඇති අතර අප අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ ඇති වෙිමින් පවතින තත්ත්වයද එවැන්නක්ම වීම නිසාවෙනි. මේ වසරේ අගෝස්තු මස ලොව පුරා ඝාතනය කරන ලද පරිසරවේදීන් කිහිපදෙනාම ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තබිණි. ඔවුන් සංවර්ධනට ප්‍රබල බාධාවක් ලෙස පෙරදී හදුන්වා දී තිබු අතර සියලු දෙනාම නාදුන තුවක්කුකරැවන් විසින් ඝාතනය කරන ලදී.


 

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article