spot_img
spot_img
Monday, October 12, 2026
spot_img
spot_img

දැඩි සුළං හේතුවෙන් මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ නිවාස 07 කට හානි

Must read

වැසි සමග හමා ගිය දැඩි සුළං හේතුවෙන් මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ නිවාස 07 කට හානි සිදුවී ඇත. ඉකුත් 11 වැනිදා සවස මෙම ආපදා තත්ත්වය සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

පුත්තලම – කොළඹ මාර්ගය හරහා කීරියන්කල්ලිය ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.ප්‍රදේශවාසීන් සහ මුන්දලම පොලීසියේ නිලධාරීන් එක්ව කඩා වැටුණු ගස ඉවත් කර ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි.

මේ අතර,කීරියන්කල්ලිය – දසනායකපුර ගම්මානයේ නිවාස 07 කට සුළග හේතුවෙන් හානි සිදුවී ඇත.ඉන් නිවාස 02 කට බරපතල හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.සෙසු නිවාස වලට අර්ධ හානි සිදුවී ඇත.ගස් කඩා වැටීම සහ සුළගට එම නිවාස වල වහල කොටස් ගැලවී ගොස් ඇති බවද පොලීසිය කියයි.

පැවති අපදා තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබදව තොරතුරු වාර්තා නොවන බවත්,පීඩාවට පත්ව ඇති පුද්ගලයින් 10 දෙනෙකු ආසන්න නිවාස වල තාවකාලිකව පදිංචිකර ඇති බවත් මුන්දලම පොලීසිය කියයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article