spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

වයඹ පළාත්සභා මන්ත්‍රී සමන්ප‍්‍රිය හේරත් අත්අඩංගුවට !

Must read

නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් සහ නීතිවිරෝධී රැස්වීමක් පැවැත් වූ බවට සැක පිට වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) කුලියාපිටිය පොලිසිය විසින් මීට සුඵ වේලාවකට පෙර අත්අඩංගුවට ගත්තේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සමන්ප‍්‍රිය හේරත් මහතා විසින් අද දහවල් කුලියාපිටිය, අස්වැද්දුමේ පිහිටි නිවසේදී දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වා ඇති බවත් , ඒ සදහා මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරන සන්ධාන ආධාරකරුවන් දෙතුන් සියයක පිරිසක්ද එක් වී ඇතැයි පොලිසිය කියයි.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කර ඇති කාලසීමාව තුළ නීතිවිරෝධී රැස්වීමක් සංවිධානය කිරීමේ චෝදනාව මත සමන්ප‍්‍රිය හේරත් මහතා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි මිනිත්තු කිහිපය තුළදී හෙළිකිරීමට වයඹ ටුඩේ තුළින් සූදානමින් සිටී !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article