ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැක කරන කහ සහ එන්සාල් තොගයක් සමග සැකකරුවෙකුව යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලීසියට බාර දී ඇත.
08 වැනිදා සවස කල්පිටිය – ආනවාසල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කහ අසුරන ලද පොලිතින් මළු 04 ක් සහ එන්සාල් මළු 11 ක් ඒ යුධ හමුදා බාරයට ගෙන පොලීසියට බාර දී ඇති දෑ අතර වේ.යුධ හමුදා බාරයට ගෙන ඇති කහ සහ එන්සාල් තොගය කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක අසුරා තිබී ඇත. යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී ඇත්තේ කල්පිටිය – ආනවාසල පදිංචි 44 හැවිරිදි අයෙකුවය.වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි දෙදෙනෙකු පලා ගොස් ඇත.
කිසියම් අයෙකු විසින් ගෙනවිත් කල්පිටියට උතුරින් පිහිටි දූපතක සගවා තිබියදී කහ සහ එන්සාල් තොගය තමන්ට හමුවූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොලීසියට පවසා ඇත.
අත්අඩංගුවට ගෙන ඇති කහ සහ එන්සාල් තොගය තක්සේරු කර නැත.
කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.







