spot_img
spot_img
Thursday, July 2, 2026
spot_img
spot_img

“මිහිකත වරුණ 2026 පරිසර කදවුර”

Must read

ශිෂ්‍යත්වය විභාග ඉලක්ක කර ගත් “මිහිකත වරුණ 2026 පරිසර කදවුර” පසුගියදා ආණමඩුව මණ්ඩලාන කනිටු විද්‍යාලයේදී පැවැත්වුණි.

දෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශණය නැරඹීම සදහා ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින ආකාරයක්ද දක්නට ලැබුණි.

ගෙවත්තේ සිට අභ්‍යාවකාශය දක්වා වූ විවිධ කරුණු යටතේ ප්‍රදර්ශණ කුටි සකස් කර තිබුණි.ඊට අමතරව පාසල් භූමිය තුළ විවිධ වගාවන් සහ නිර්මාණ සිදු කරමින් කදවුර වර්ණවත් කරන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

ඉපැරණි මෙන්ම වත්මන් සර්ව ආගමික මධ්‍යස්ථාන,වාරි කර්මාන්තය, ඉතිහාසය,කෘෂි කර්මාන්තය සහ ඒ සදහා යොදා ගන්නා ලද ඉපැරණි සහ වර්තමාන උපකරණ,ආහාර තාක්ෂණය,ගෘහ උපකරණ,මාර්ග ආරක්ෂාව සහ නව නිර්මාණ වලින් ප්‍රදර්ශණ භූමිය හැඩ වී තිබුණි.ප්‍රදර්ශණ භූමිය තුළ තිබූ ආදි වාසි ගම්මානය පැමිණි සිසු දරු දැරියන්ගේ සිත් ගත් ස්ථානයක් වී තිබුණි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති “දිට්වා” සුළි කුණාටුව අවස්ථාවේදී මණ්ඩලාන වැව් බැම්ම බිදී යාම හේතුවෙන් ඒ ආසන්නයේම පිහිටි මෙම පාසලට දැඩි හානි සිදුවී තිබුණි.ගෙවත්ත සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබුණු අතර,ගොඩනැගිළි වලටද හානි සිදු වී තිබුණි.නමුත් මාස කීපයක් ඇතුළත පාසලේ ගෙවත්ත යථා තත්ත්වයට පත් කරමින් සුන්දර වට පිටාවක් නිර්මාණය කරන්නට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

“මිහිකත වරුණ 2026 පරිසර කදවුර” පිළිබදව අදහස් දැක්වූ මණ්ඩලාන කනිටු විද්‍යාලයේ විදුහල්පතිණී සාගරිකා සදමාළි මහත්මිය මෙසේ පැවසුවාය.

“මෙම පරිසර කදවුර පවත්වන්න අවශ්‍ය කටයුතු අපි පටන් ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී.5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයට තේමා 16 ක් තිබෙනවා.ඒ අතරින් තේමා 09 කට අදාලව තමයි අපි මේ ප්‍රදර්ශණය සංවිධානය කරලා පවත්වන්නේ.

මූලික සැළසුම අනුව ගෙවත්ත මුළින්ම සකස් කිරීමේ කටයුතු සිදු කලා. නමුත් පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් පාසලට ලොකු හානියක් සිද්ධ වුණා.ගෙවත්තට තමයි වැඩිම හානිය සිද්ධ වුනේ.එහෙම වුණා කියලා අපි වැඩේ අතහැරියේ නෑ.පාසලේ ගුරු මණ්ඩලය,දරු දැරියන්, දෙමව්පියන්,ගම්වාසීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ ප්‍රදර්ශණය සාර්ථකව පවත්වන්න ඔවුන්ගේඋපරීම දායකත්වය ලබා දුන්නා.

ප්‍රදර්ශණය සදහා යොදා ගෙන තිබෙන ඇතැම් උපකරණ බොහෝ දෙනෙක් දැකලවත් තිබුනේ නෑ.නමුත් දෙමව්පියන් දැඩි කැපවීමක් කරලා ඒ උපකරණ හොයා ගත්තේ අතීතයෙන් උරුම වූ ඒ දේවල් වර්තමානයේ ඉන්න දරුවන්ට පෙන්වන්න තියන අවශ්‍යතාවය නිසාමයි.

අපි දරුවන්ට අධ්‍යාපනය දෙනවා වගේම පරිසරයට ආදාරය කරන්නත් ඔවුන්ව හුරු පුරුදු කරන්න ඕනේ.අද මේ පරිසර කදවුර සහිත ගෙවත්තට ඇතුළු වන ඕනෑම දරුවෙකුට හිතෙනවා අපි පරිසරයට ආදරය කරන්න ඕනේ කියන දේ.ඒ සදහා අවශ්‍ය වටපිටාවක් තමන් පදිංචි ගෙවත්ත තුළ නිර්මාණය කිරීමට හැකි බව ඔවුන්ට හිතෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරණ කිසියම් දැණුමක් ලබා දීම වගේම සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම සදහා වන දරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමත් මේ ප්‍රදර්ශණයේ අරමුණ වී තිබෙනවා.මම හිතනවා අපේ වැඩේ සාර්ථකයි කියලා”.


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article