spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

වසර 20කින් හදලා නැති මාර්ගයක් නිසා ප්‍රදේශවාසින් උද්ඝෝෂණයේ

Must read

මාදම්පේ – පනිරෙන්ඩාව මංසන්ධියේ සිට බිංගිරිය – වතුවත්ත දක්වා වන මාර්ගයේ කොටසක් වසර 20 කින් වත් ප්‍රතිසංස්කරණය කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පැමිණීමත් සමග දැඩි ලෙස උණුසුම්  තත්ත්වයක් ඇති විය.

20 වැනිදා දහවල් මෙම විරෝධතාවයට පැවැත්වුණි.

පනිරෙන්දාව – මංසන්ධියේ සිට වතුවත්ත දක්වා වන අතුරු මාර්ගය තුළ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන බවත්,එම කර්මාන්ත ශාලා වලට දිනපතා විශාල ප්‍රමාණයේ වාහන 300 කට ආසන්න ප්‍රමාණයක් පැමිනෙන බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය.වසර 20 කින් පමණ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති වීම නිසා වාහනයකින් තබා පයින්වත් තමන්ට ගමන් කළ නොහැකි බවද ඔවුන් කියා සිටියේය. බිංගිරිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා වෙන් කරන මායිම වන්නේ මෙම මාර්ගය වන බැවින් එම සභා දෙකම මෙම මාර්ගය පිළිබදව අවාදනයක් යොමු නොකරන බවද විරෝධතාකරුවන් කියා සිටියේය.

එම මාර්ගයේ ගමන් කිරීමට පැමිණි වාහන කීපයක්ම විරෝධතාකරුවන් විසින් ආපසු හරවා යැවීමටද කටයුතු කරන ලදි. විරෝධතාකරුවන් අතරට පැමිණි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය. බිංගිරිය පොලීසියේ නිලධාරීන් මැදිව තත්ත්වය පාලනය කරන ලදි.

බිංගිරිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා වල සභාපතිවරුන් කැදවා සාකච්ඡාවක් ලබා දීමට පොලීසිය පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාවයහ අවසන් කරන ලදි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article