වෙන්නප්පුවේ ප්‍රා.සභාවට දකුණු පසින් හලාවත සිට මීගමුව දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ ඉදිකර තිබූ බස්නැවතුම් පොළ වර්තමාන ප්‍රා.සභාපතිවරයා විසින් වසර ගණනකට ඉහතදි සිය පුද්ගලික කැමැත්ත මත කඩා ඉවත්කරන ලදී. මෙම ක්‍රියාව ප්‍රා.සභාවේ අනුමැතියකින් හෝ කිසිවෙකු දැනුවත්කිරීමක් මත සිදුකළ ක්‍රියාවක් නොවු බව අප එදා සිටම දිගටම වාර්තා කලෙමු.
එම ස්ථානයේ ඉදිකෙරුණ පීට්සා අවන්හලට පිවිසුම් මාර්ගයකට ඇති බාධාවක් නිසා බස්නැවතුම ඉවත්කළ බව දන්නෝ දනිති. පසුගිය කාලයේ එම ස්ථානයේ් බස්නැවතුම්පොළක් ඇති බවට පුවරුක් සවිකර තිබුනද දැන් එවද ගලවා දමා තිබේ.
දැනට දශකයකටත් වැඩි කාලයක් තිස්සේ මගීන් කට්ට අව්වේ බස් ඒනතුරු මෙහි රැදි සිටිති.
මේ සම්බන්ධයෙන් අප විසින් 2015 ජනවාරි 12 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයා වෙත කථා කළ අවස්ථාවේ ඔහු දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටියේ මේ බස්නැවතුම නැවත සවි කිරීමට ඒ ප්‍රදේශයේ තැනක් සොයාගත නොහැකි බවය.
ඒ්‌සේ නම් ඔවුන් කළ යුතුව තිබුණු ස්ථානයේම බස්නැවතුම ඉදිකිරීමය.
නීතිගරුක සහ යුක්තිගරුක දේ නම් ඒයයි
මෙම බස්නැවතුම්පොළ ඉවත්කිරීමේ උවමනාව ව්‍යාපාරිකයෙකුට සිය ව්‍යාපාරික ස්ථානයට බාධාවක් වූ බස්නැවතුම ඉවත්කර දීමයි.
ඒබැවින් හිටපු ප්‍රා. සභාපතිවරයාට මහජනතාවගේ අවශ්‍යතාවය වැදගත් වුයේ නැත.
මේ වනවිට ඒම ස්ථානයේ ත්‍රීවිල් පාර්ක් ඒකක්ද තිබේ. ඒම ස්ථානය ව්‍යාපාරික උවමානවන්ටම වෙන්වී ඇති බව ඒම ස්ථානයේ මදක් රැදී සිටින විට පෙනී යයි.
ඒම නිසා මෙම ස්ථානයේ කෙතරම් ජනතාව පීඩා වින්දත් ඔහුට වගේ වගක් තිබුනේ නැත
. ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔ්නෑ දෙයක් කරන්නට එදා සුදානම් බව ප්‍රසිද්ධියේම පෙන්වා සිටි ප්‍රාදේශීය සභාපතිවරයාට දැන් හිමිව ඇත්තේ විපක්ෂයේ අසුනකි.
දැන් ඇත්තේ පුනරුද පාලනයකි.ඒ පාලනයටත් දැන් වසරක් ගෙවි අවසන්ය.
අව්වට වේලෙන වැස්සට තෙමෙන බස් මගින් සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනිමට වෙන්නප්පුවේ මාලිමා පාලනයට තව කොපමණ කාලයක් අවැසිදැයි බස් මගීහු විමසා සිටිති.







