spot_img
spot_img
Monday, August 10, 2026
spot_img
spot_img

ගංජා ප්‍රවාහනය කළ තරුණ යුවලක් අත්අඩංගුවට?

Must read

අධි සුඛෝපභෝගී ජීප් රඛයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ අඹු – සැමි යුවලක් ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 09 වැනිදා රාත්‍රීයේ පුත්තලම – හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මාර්ග බාධකයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.මෙම පොලිස් මාර්ග බාධකය තුළ සතියකට එක් දිනක් ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් රාජකාරි කටයුතු සදහා යොදවයි.දින 03 බැගින් මුන්දලම සහ උඩප්පුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයේ රාජකාරි සදහා යෙදවීම සිදු කරයි.

සැකකරුවන් ගමන් කරමින් සිටි අධි සුඛෝපභෝගී ජීප් රථය තුළ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 17 යි මිලි ග්‍රෑම් 985 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති 24 හැවිරිදි සැකකරු මොනරාගල – හබ්ඹේගමුව පදිංචිකරුවෙකි.23 හැවිරිදි සැකාරිය රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වී ඇත.ඔවුන් දෙදෙනා විවාහ වීමෙන් අනතුරුව සැකකරුගේ සහ සැකකාරියගේ නිවසේ විටින් විට වාසය කර ඇති බවත් පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article