නොරෝච්චෝලයේ ලක්විජය බලාගාරයට බාල ගල් අගුරු ගෙන්වීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි පාරසරික බලපෑම ගැන පරිසරවේදීන් දිගින් දිගටම අවධාරණය කරමින් සිටියි. මීට වසර කීපයකට පෙරද අවට වගාභූමි වලට මිදුමක් වැනි අලුපැහැති දුමාරයක් පතිත වී තිබුණ අතර අවට ගොවීහු මේ සම්බන්ධයෙන් චෝදනා කර තිබුනේ මෙම අලු ඇසිඩ් ලෙසින් ක්රියාකරන බවත් මෙය වගාවන්ට හා අවට පරිසරයට අහිතකර බවයි.
මෙම රජය විසින් සිදුකරන ලද ප්රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් නැවතත් මෙම පරිසර දූෂණය ආරම්භ වීමේ අවධානමක් පවතියි. මේ සම්බන්ධයෙන් පසුගියදා පරිසරවේදි හේමන්ත විතානගේ මහතා විසින් සිය මුහුනු පොතේ සටහනක් මෙසේ ලියා තිබිණි.
උපුටා ගැනීම ‘ මේ ප්රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරයේ තවත් ප්රතිඵලයකි. සාමාන්යයෙන් නිපදවෙන මෙ ටොන් 1100 ක් වන අළු ප්රමාණය වර්තමානයේ මෙ ටොන් 1500 කට වඩා වැඩිවීම නිසා අළු විකුනාගත නොහැකිවීම මීට හේතුවයි. නොරොච්චෝලේ අවට මිනිසුන් මින් පීඩා නොවිදින බව සහතික කලහැක්කේ කාටද? ‘








