spot_img
spot_img
Thursday, August 27, 2026
spot_img
spot_img

වසා තිබූ රේල් ගේට්ටුව හරහා ගිය පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි

Must read

වෙන්නප්පුව – වයික්කාල දුම්රිය හරස් මාර්ගය හරහා පා පැදියක් තල්ලු කර ගෙන යමට උත්සාහ කළ අයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත. මෙම සිදුවීම ඊයේ ( 25 වැනිදා සවස 6.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ කුලියාපිටිය,පහළ  කළුගමුව පදිංචිකරුවෙකු වන රන්තිලක පේඩිගේ කපිල ලාල් (අවු:55) නම් අයෙකි.මිය ගොස් ඇති අය වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක නැවතී සිටිමින් පින්තාරු වැඩ කළ අයෙකු බවටද හදුනා ගෙන ඇත.

කොළඹ සිට හලාවත බලා ධාවනය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.දුම්රිය ධාවනය වෙමින් තිබූ නිසා හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වසා තිබී ඇත.නමුත් වසා තිබූ ගේට්ටුව හරහා තම පා පැදියද තල්ලු කරගෙන ගමන් කිරීමට උත්සාහ කරණ විට ඔහු අනතුරට පත්ව ඇත.අනතුරින් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මිය ගිය අයගේ සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article