පසුගිය 31 වෙනිදා ලුණුවිල පොලීසිය විසින් ඕලු මරා නමින් ප්ර්රකටව සිටින ලුණුවිල – කිරිමැටියාන වත්ත පදිංචිව සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුකොටගෙන පොලීසියේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ප්රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඉකුත් 31 වැනිදා සවස 6.30 ට පමණ ලුණුවිල පොලිස් ස්ථානය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.







