ආරච්චිකට්ටුවේ පාසලක පිරිමි ළමුන් සදහා ඇති වැසිකිලියක් අසල ඇති ඇලක් සහ කැලයක් හේතුකොටගෙන දෙමව්පියන්ට සිදුවී ඇති අපහසුතාවයක් ගැන ඊයේ (11) මුහුණු පොතක සටහනක් පළවී තිබුණි. මෙම සිදුවීම සිදුවන්නේ ආරච්චිකට්ටුව පාසලකයි. පාසලේ එම වැසිකිලිය පිහිටා ඇත්තේ ඇලක් අයිනේ නිසා දරුවන්ගේ ආරක්ෂාවට විදුහලේ ගුරුවරයෙක් විසින් දෙමව්පියන්ට දවල් කාලයේ පැමිණ දවල් කාලයේ මුර කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ පන්තියේ සිසුන් නම්කර දින අනුව දවස් බෙදා දෙමව්පියන්ට වැසිකිලිය ලග ආරක්ෂාවට පැමිණෙන ලෙසයි ලිපියක් මගින් දන්වා ඇත්තේ. මේ සම්බන්ධයෙන් උනන්දුවූ දෙමව්පියන් මුහුනුපොතේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ දෙමාපියන්ට හෝ එක්වී පාසලේ මායිමට වැටක් ගසා දෙන ලෙසයි. ඒ අනුව අද පෙරවරුවේ එම කටයුත්ත ආරම්භ කර ඇති අතර ඒ සදහා ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේද සහයෝගය දෙමව්පියන් විසින් ඉල්ලා සිටියි.








