spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

වෙරි මරගාතේ බෝලතයකින් ගසා ඔලුවක් පැලූ හිටපු මන්ත්‍රී ඇතුලට.

Must read

bottle_attckකුලියාපිටිය අවන්හලක් තුළදී මත්පැන් පානය කර තවත් අයෙකුගේ හිසට බෝතලයකින් පහර දී තුවාල සිදු කළ හිටපු නාගරික මන්ත‍්‍රීවරයෙකු හෙට (19 දා ) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා පසුගියදා නියම කළේය.

එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය නගර සභාවේ හිටපු නාගරික මන්ත‍්‍රීවරයෙකු වන ධම්මික පේ‍්‍රමතිලක නොහොත් ලාල් නැමැත්තෙකි.

එම පහරදීමෙන් පසුව පොලිසිය මගහරිමින් සැගවී සිටි සැකකරු ඉන් දින කිහිපයකට පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මන්ත‍්‍රීවරයාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ හිසට මැහුම් 14 ක් දමන්නට සිදු වී ඇතැයිද පොලිසිය අධිකරණය හමුවේ කීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article