කේරල ගංජා කිලෝ ග්රෑම් 16 යි මිලි ග්රෑම් 670 ක් සමග හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොස්වත්ත පොලීසියට බාර දී ඇත.ඉකුත් 27 වැනිදා සවස කොස්වත්ත – පොතුවටවන ප්රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
කේරල ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත – පොතුවටවන පදිංචි 61 හැවිරිදි අයෙකුවය.සැකකරු සතුව තිබී රුපියල් 92,783 මුදලක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන කොස්වත්ත පොලීසියට බාර දී ඇත.
සැකකරු 1985 වසරේදී උප සේවා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව 1990 වසරේදී සේවයෙන් ඉවත් වී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.
සැකකරු මාරවිල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ජුඩ් සමන්ත







