2026 පෙබරවාරි මස 10 වනදා පැවති වෙන්න්නප්පුව ප්රා.සභා රැස්වීමේදි ප්රා.සභා මන්ත්රී කේ.වී.සුසන්ත පෙරේරා විසින් ඉදිරිපත් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් පසුව ප්රා.සභාව විසින් ආපදාව වෙනුවෙන් කොපමණ මුදලක් වැය කර ඇතිද යන්න ප්රශ්න කරන ලදී. ඒම ප්රශ්නයකට පිලිතුරු දෙමින් වෙන්නප්පුව ප්රා.සභාවේ සභාපති ඇන්ටන් කුමාර මහතා විසින් පහත පිළිතුර ලබාදෙන ලදී. ඒ් අනුව දිට්වා ආපාදා තත්ත්වය වෙනුවෙන් සිදුකිරීමට සිදුවු සියලු ක්රියාකාරකම් වෙනුවෙන් ප්රා.සභාව විසින් රු 13703964.65 ක මුදලක් වියදම් කර ඇත. ඒයට අදාළව විස්තරය පහත දක්වා ඇත.
පාරට හා විදුලි රැහැන් වලට වැටී ඇති ගස් කපා ඉවත් කිරිම සදහා ගස් කපන මැෂිමක් ගැනිම – 42950
අපවිත්රවූ නල ළිං 96 ක් සුද්ද කිරිමට – 240000
අපවිත්රවූ ළිං79 ක් සුද්ද කිරිමට – 316000
ලෝඩර් 03 ක් මගින් කසල පැටවීම සදහා කුලිය (මීටර් පැය 34.1) -153450
ජේ.සි.බි. යන්ත්ර 04 ක් මගින් කසල පැටවීමට (මීටර් පැය 219.5) -1317000
ටිපර් රථ 16ක් මගින් කසල ප්රවාහනය කියුබ් 1/2/3 -1409725
ටැක්ටර් රථ මගින් කසල ප්රවාහනය – ටැක්ටර් රථ මගින් කසල ප්රවාහනය -34500
ටිපර් රථ මඟින් කර්මාන්තපුරයේ සිට (කසල වලවල් වැසීම සඳහා) බොරළු ප්රවාහනය කිරීම සඳහා (දින 02)
50000
බුල්ඩෝසරය මගින් කසල වලවල් තල්ලු කිරිම- 203750 – එක්ස්කැවේටර් යන්ත්ර අපදාවෙන් හානියට පත්වූ පාරක් සදහා පස් කැපීම හා පිරවීම-99400
බුජ්ජම්පොල වෙල මැද පාර සඳහා MC-30 වර්ගයේ එක්ස්කැවේටරය පස් කැපීම සඳහා (මී.පැය 14.2)
49700
කසල ප්රවාහන කටයුතු සදහා ලබාගත් වාහන සදහා ඉන්ධන සැපයීම හා කුලී මුදල් ගෙවිම
214037
බෝට්ටු ප්රවාහනය/ ඉන්ධන සැපයීම හා අළුත්වැඩියාව සදහා දරන ලද වියදම -72000
ශ්රමදාන සදහා පැමිණි වාහන වලට ඉන්ධන සැපයිම – 12000
ආපදාවට පත් ස්ථානවල ජලනල පද්ධති අළුත්වැඩියාව -10150
මාර්ග 18 ක් අළුත්වැඩියාව සදහා වැය වූ මුදල -9419302.65
කුලියට ලබාගත් ජල මෝටර් සදහා ගෙවිම -60000
මුළුවියදම – 13703964.65
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් වෙන්නප්පුව ප්රා.ලේකම් කොට්ඨාශය තුළ පවුල් 4378ක් ආපාදාවට ලක්වූ අතර ජල ගැල්ම හේතුවෙන් වෙන්නප්පුව ප්රා.ලේකම් කොට්ඨාශයේ වැඩිම ආපදාවට ලක්වුුුයේ , තෝප්පුතොට, වයික්කාල, සින්ද්රාත්රිය යන ප්රා.ලේකම් කොට්ඨාශ වන අතර ආපදාවට ලක්වූ කොට්ඨාශ ගණන 52කි. වෙන්නප්පුව සියලුම කොට්ඨාශ වල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස ගණන 29ක් පමණ වන අතර ,අර්ධ හානි 387ක් පමණ සිදුවිය.







