spot_img
spot_img
Saturday, October 31, 2026
spot_img
spot_img

ධීවර පරීක්ෂකවරුන්ට කඩිසර වෙන්න ඉන්දීය රජයෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදි

Must read

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් කළමනාකරණය වඩාත් තිරසාර හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි 430ක් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුම ඊයේ (30) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා එක්ව සිටියහ.

රුපියල් මිලියන 344.87ක ඇස්තමේන්තුගත පිරිවැයකින් යුත් මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 264.59ක මූල්‍ය දායකත්වයක් ලබාදෙන අතර, දේශීය අරමුදල් මඟින් රුපියල් මිලියන 80.28ක් යෙදවීමට අපේක්ෂිතය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) යන ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරි කටයුතුවලදී මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

විශේෂයෙන්ම යටිතල පහසුකම් අවම දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන බාධා හේතුවෙන් සීමා වී ඇති ක්ෂේත්‍ර රාජකාරි යථා තත්ත්වයට පත් කරමින්, දිවයින පුරා පිහිටි ධීවර තොටුපළ 980ක සහ ධීවර වරාය 23ක කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් 430 දෙනෙකුට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, ධීවර ප්‍රජාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට, ජලජීවී වගාකරුවන් 2,000කට සහ පාරිභෝගිකයන් ලක්ෂ හයකට ආසන්න පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇතැයි ගණනය කර තිබේ.

news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article