spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පිඹුරෙකු සමග නර්ථනයේ යෙදුන කාන්තාව අත්අඩංගුවට ගත්තේ ඇයි ?

Must read

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ පිඹුරෙකු සමග නර්ථනයේ යෙදෙන කාන්තාවකගේ වීඩියෝ දර්ශනය පාදක කරගනිමින් මූලික විමර්ෂණයක් වනජවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ දිස්ත්‍රීක් අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව (23 ) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී අදාල සිද්ධිය හා සම්බන්ධ සැකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග ලබාදී තිබේ.

ඒ අනුව ඉදිරි විමර්ෂණ කටයුතු සිදුකල වනජීවී නිලධාරීන් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරියව ඊයේ (24) වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙයට අදාළව පසුබිම් වු කරුණු වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ මුහුණු පොතේ විස්තරාත්මකව දක්වා තිබේ.


උපුටා ගැනීම – https://web.facebook.com/departmentofwildlife

2026/03/24) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රකාශ ලබා ගත්තා. පසුව අදාළ කාන්තාව වනජීවී අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

” අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කල වනජීවී නිලධාරීන්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටය ජනප්‍රිය රෑපලාවන්‍ය ශිල්පියෙකු විසින් සංවිධානය කරන ලද, කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයයේදී පවැත්වූ “CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය – 2026” තේරීමේ තරඟ ඉසව්වකදී එහි සිටි එක් අපේක්ෂිකාවක විසින් 2026/03/20 වන දින රාත්‍රියේ සිදුකල ඉදිරිපත් කිරීමටකට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත උරගයකු වන පිඹුරෙකු (Python molurus) යොදා ගෙන ඇති බවත් එය උක්ත පනතේ 30 (1) (ඈ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සඳහන් කල අතර ඇය එම පිඹුරා එදින උදෑසන පුත්තලම ප්‍රදේශයේ සිටිනා පුද්ගලයකුගෙන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවත්, අදාල තරඟ අංගය නිමවූ වහාම නැවත එම පුද්ගලයා හට ලබා දුන් බවත්, මේ සඳහා ඇය විසින් එම තැනැත්තාට රු. 25,000/-ක මුදලක් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇති බව අධිකරණයට දන්වා සිටියා..

ඒ අනුව සැකකාරියගෙන් ලබාගත් ප්‍රකාශ ඔස්සේ ඉදිරි විමර්ෂණ කටයුතු තව දුරටත් සිදුවන අතර සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම හා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ගරු අධිකරණයට වාර්තා කරන බවත් වැඩිදුරටත් දන්වා සිටියා.

අදාල කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අංක 05 අධිකරණයේ අතිරේක විනිසුරුතුමිය විසින් රු. ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මෙම සැකකාරිණියව නිදහස් කලා. මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සිදුකරන විමර්ෂණයේ ප්‍රගතිය වාර්තා කිරීම හා අදාල සැකකරුවන් නැවත අධිකරණයේ පෙනී සිටීම සඳහා 2026/05/15 වන දිනට නඩුව නැවත කැඳවීමට නියම වුණා. ඒ අනුව අදාල ඉදිරි විමර්ෂණ කටයුතු බෙල්ලන්විල පිහිටි කොළඹ දිස්ත්‍රීක් අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදුකරනු ලබනවා.‘‘

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article