පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ පවුල් 2892 ක පුද්ගලයින් 10,879 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව දිසා ලේකම් කාර්යාලය සදහන් කරයි.
ප්රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ග්රාම නිලධාරී වසම් 117 ක පදිංචි ජනතාව අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.සැඩ පහරකට හසුවී ගසා ගෙන යාම හේතුවෙන් මාදම්පේ ප්රදේශයේදී එක් පුද්ගලයෙකු මරණයට පත් විය.නිවාස 191 කට හානි සිදු වී ඇති අතර,ඉන් නිවාස 03 කට පූර්ණ හානි සිදුවී ඇත.
පීඩාවට පත්වූවන් සදහා අවශ්ය සහන ලබා දීම මේ වන විට ආරම්භ කර ඇති බව දිසා ලේකම් කාර්යාලය සදහන් කරයි.එමෙන්ම කිසියම් ජලය ගැලීමක් සිදුවී ජනතාව පීඩාවට පත්වුව හොත් ඔවුන් ගලවා ගැනීම සදහා නාවුක හමුදාවේ ජීවිතාරක්ෂක ඒකකය සහ යුධ හමුදාවද සුදානම් කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.







