දංකොටුව ප්‍රා.ලේකම් කොට්ඨාසයේ වෑකඩ මාර්ගයේ ඉහළ මොහොට්ටිමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් කොටස කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ ආරම්භක උත්සවය පසුගිය 13 වනදා පැවැත්විණි. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍යය ඇන්ටන් ජයකොඩි මහතා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇන්ටන් කුමාර මහතා , ඇතුළු මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් සහභාගී වුහ. මෙම උත්සවය මොහොට්ටිමුල්ල නව රැල්ල ක්‍රීඩාංගනය අසලදී සිදුකෙරිණි.
මෙලෙස කාපට් ඇතිරීම දංකොටුව ප්‍රා.ලේකම් කොට්ඨාසයේ කළුවච්චිමුල්ල හන්දියේ සිට කිරිමැටියාන පන්සල් හන්දිය දක්වා දිවෙන වෑකඩ මාර්ගයේ ඉහළ මොහොට්ටිමුල්ල යන මාර්යට අදාලව සිදුකරනු ලබයි.










