ඊයේ පෙරවරු 11.00ට පමණ කතරගම – බුත්තල මාර්ගයේ වන අලියෙකුගේ ප්‍රහාරයකින් වන්දනා නඩයක් රැගත් බස් රථයක් පෙරළී දෙනෙකු තුවාල ලබා ඇත.
කතරගම පොලිස් වසමේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

වන අලි ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකි වී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙකු පමණප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබුණි
මෙම ප්‍රදේශය අලි-මිනිස් ගැටුම් වැඩි කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, කතරගම – බුත්තල මාර්ගයේ රාත්‍රී සහ උදෑසන කාලවල ගමන් කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් රිය පැදවන ලෙස වනජීවී නිලධාරීන් ඉල්ලීමක්ද කර තිබේ.







