Wednesday, May 1, 2024

නිදහස් දිනයේදී ඇතුගල කසලින් නිදහස් වෙයි.

Must read

 

atugala_sramadhana

හැත්තෑ වැනි නිදහස් දින සැමරුමට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව ඇතුගල පිවිසුම් මාර්ගය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරත වූහ.

වයඹ පළාත් සභා පරිශ්‍රය අසල සිට ඇතුගල සමාධි බුදු පිළිරුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය මෙන්ම ඇතුගල මතින් වැටී ඇති පියගැටපෙළ මාර්ගයද මෙම ශ්‍රමදානයේදී පිරිසිදු කෙරිණි. ඇතුගල සහ සමාධි බුදු පිළිමය නැරඹීමට පැමිණි පිරිස් විසින් නොසැලකිලිමත් ලෙස පරිසරයට බැහැරකර තිබූ පොලිතින්, කඩදාසි සහ ප්ලාස්ටික් බෝතල් වැනි පරිසරයට අහිතකර අපද්‍රව්‍ය විශාල තොගයක් මෙම ශ්‍රමදානයේදී එකතු කරගනු ලැබීය. එලෙස එකතුකරගත් කැලිකසල විධිමත් ලෙස බැහැරකිරීම සදහා කුරුණෑගල මහනගර සභාවේ කසල ප්‍රතිචක්‍රියකරණ ඒකකය වෙත භාරදෙනු ලැබීය. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවිධ නිලතල හොබවන රාජ්‍ය නිලධාරිහු 500 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට ස්වේච්ඡාවෙන් එක් වී සිටියහ.

atugala_sramadhana_1

atugala_sramadhana_2

atugala_sramadhana_3

atugala_sramadhana_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article