Friday, April 26, 2024

අඹ ගෙඩියෙන් ප‍්‍රා.සභාවට තේරුණු විමලානන්ද හිමියන්ට කැපිල්ලක් !

Must read

nikaweratiya_wimalananda_thero

මෙවර පළාත්පාලන මැතිවරණයේදී නිකවැරටිය ප්‍රාදේශීය සභාව සදහා ස්වාධීනව තරඟ කරමින් සභිකයෙකු ලෙස තේරීපත් වූ තමන් වහන්සේ ඉවත්කර වෙනත් අයෙකුට මන්ත්‍රී ධූරය ලබාදීම සදහා කුමන්ත්‍රණයක් දියත්වෙමින් ඇති බවට පූජ්‍ය මොරවක විමලානන්ද හිමියෝ චෝදනා කරති.

මොරවක විමලානන්ද හිමියෝ අඹ ගෙඩිය ලකුණ යටතේ ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරමින් නිකවැරටිය ප්‍රාදේශීය සභාව සදහා තරග කළහ. මැතිවරණ ප්‍රතිඵලවලට අනුව එම ස්වාධීන කණ්ඩායම සදහා නිකවැරටිය ප්‍රාදේශීය සභාව තුළ සභික ධූර දෙකක් හිමිව තිබේ.

එසේ නමුත්, අංක 20 – කටගමුව කොට්ඨාසයෙන් තරග කරමින් ඡන්ද 898 ක් ලබාගත් තමන් වහන්සේ වෙනුවට, ඡන්ද හතක් පමණක් ලබාගෙන මැතිවරණයෙන් පරාජයට පත් වූ අපේක්ෂකයෙකු නිකවැරටිය ප්‍රාදේශීය සභාව සදහා පත්කර යැවීමට තම ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් කටයුතු කරමින් සිටින බව විමලානන්ද හිමියෝ කියති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු අපේක්ෂකයෙකු මේ සදහා මැදිහත් වී ඇති බවත් , එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් ඒ වෙනුවෙන් තම කණ්ඩායම් නායකයාට රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබා දී ඇති බවත් ඒ හිමියෝ වැඩිදුරටත් කියති.

මේ වනවිට තමන් වහන්සේට මුහුණදීමට නොහැකිවීම හේතුවෙන් කණ්ඩායම් නායකයා ප්‍රදේශය හැරගොස් සිටින බවත්, ස්වාධීන කණ්ඩායමකින් තරග කරමින් වැඩිම ඡන්ද ලබාගත් තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව ඉදිරියේදී දැඩි තීරණයක් ගන්නා බවත් උන් වහන්සේ වැඩිදුරටත් කීහ.

වාරියපොල නිසංකා අබේරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article