Saturday, May 11, 2024

දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර පුත්තලමේදී ගැටුම්

Must read

image_54142e834f
ඡායාරෑපය උපුටා ගැනීම / ලංකාදීප

(11.28am) දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ගැටුමක් පුත්තලමේදී ඊයේ රාත්‍රියේදී (17) සිදුවී තිබේ. එම ගැටුමෙන්  බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් යම් උණුසුම් තතත්වයක් ඇතිවී තිබේ.

ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන් හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලීසිය කියයි.

මෙම පාර්ශව දෙක අතර ඇතිවු ගැටුම දුරදිග ගොස් එහිදී ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන්ගේ පහර දිමට ලක්වු හිස්බුල්ලා මහතාගේ  කණ්ඩායම ඉන්  බේරීම සදහා පුත්තලම නගරයේ පිහිටි වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවසට කඩා වැදී සැඟව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article