Friday, April 26, 2024

වෙන්නප්පුවේ විපක්ෂනායක ෂෙරෝන් සිය තක්කඩි දේශපාලනය ප්‍රදර්ශනය කරයි

Must read

Screenshot_2019-11-18-15-57-06

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සිය ෆේස් බුක් පිටුවේ එජාප නායකත්වය පිළිබඳව විවේචනයක් සහිත පෝස්ටුවක් ප්‍රදර්ශනය කර තිබේ. හිටපු එජාප අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවෙකු වූ ශිරෝන් ප්‍රනාන්දු 2015 දි සිටියේ කොහේදැයි එජාප පාක්ෂිකයින්ට මතකද දන්නේ නැත. සිය පක්ෂය දෙකට කිරීමට සජිත් ප්‍රේමදාස ඇතුළු සිරස නඩය යකා නටත්දි එක හෙලා පක්ෂය අත්නොහැර සිටි නිර්භීත නායකයෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය බුද්ධිමත්භාවය පෙන්වා පක්ෂය එක්සේසත් කර ගත්බව ෂෙරෝන්ලාට නොපෙනේ. ඔහුට පෙනෙන්නේ  මොකාගේ පානෙන් එළිය බලා හෝ සිය ඊළග පිම්ම පළාත්සභාවට යෑමට ටිකට් එක ගැනීමය. ඒ නිසා රනිල්ගේ පාරේ ගොස් බැරි ෂෙරෝන් සජිත්ගේ හයි වේ එකේ යන්නට පසුගිය කාලයේ ප්‍රෙටල් පිච්චුවේය. දැන් ඒ පොටත් වැරදුන නිසාදෝ  නැවතත් ඒ දොසත් රනිල් වික්‍රමසිංහටම පටවයි. මේවා යින් විරුද්ධවාදීන් හොඳින් ශක්තිමත් වී ආයුධ කරගන්නා බව ෂෙරෝන් ” මන්ත්‍රී” ගේ මොලයට නොවැහෙයි. තමන්ගේ දේශපාලන ජීවිතේ අරික්කාලක්වත් ගෙවා නැති පුද්ගලයෙකු රනිල් වික්‍රමසිංහ වැනි ජේෂ්‍යටයෙකුට අවලාදයන් නැගීම ඉතා සරල දෙයක් ලෙස බාරගන්නා බව පෙනේ.ඒතරමින්ම ඔහු දේශපාලකයෙක් ලෙස කෙතරම් අඳබාලයෙකු බව පෙනේ.  පා.මන්ත්‍රි නිරෝෂන් පෙරේරා ද චිත්‍රාල් ව කොන්කර ෂෙරෝන් වැනි පුද්ගලයින් ලංකරගෙන ඇත්තේද මේ නිසා විය හැක.

තමන්ගේ පක්ෂයේම නායකයාට කෙලින්නට බලන් සිටින ෂෙරෝන්ලා වැනි පුද්ගලයින් සිටින එජාපය අද පත්ව ඇති තත්ත්වය ට උදාහරණය අවශ්‍ය නොවේ. ඔලුවක් නොමැති අවස්ථාවාදි මෙවැනි නායකයින් සිටින විට ජනතාවටද ඒ පව් කරගසන්නට සිදුවීම අභාග්‍යයකි.

Screenshot_2019-11-18-15-57-24

 

 

ෆයස් ප්‍රනාන්දු / වෙන්නප්පුව

 

https://m.facebook.com/shiron.fernando.169?fref=nf#

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article