Friday, May 3, 2024

සත්සරණිට ඔබේ සහයෝගය දෙන්න

Must read

මේ වනවිට අවුරුදු විසි දෙකක යෞවනියක් වන තත්සරනි දුවණියට අවුරුදු 13 දී කොඳු ඇට පෙළ ඇද වෙලා පිහිටන්න ,පටන් අරන් තියෙනවා . ඇය පදිංචි වෙලා ඉන්නේ වෙන්නප්පුව – කොස්වත්ත ප්‍රදේශයේ. ඇයගේ මෙම අසනීප තත්ත්වය හේතුවෙන් ඇයට ප්‍රතිකාර කිරිමට සහ දරුපවුල ජීවත්කිරිමට ඇගේ දෙමාපියන් විහාල වෙහෙසක් දැරිමට සිදුව ඇති අතර ඇතිහැකි අයගෙන් යම් පිහිටක් මෙම පවුලට ලබාගැනිම පිණිස මෙම සටහන පළකරමු.

සත්සරණිගේ රෝග තත්ත්වය
සත්සරණී උපත ලබලා අවුරුදු හතරක් පමණ ගත වෙනකන් මෙයාට දෙපයින් සිටගෙන ඇවිදගන්න බැරි වෙලා තියෙනවා. මෙයා ඉපදිලා අවුරුදු දෙක තුනක් විතර වගේ කාලයක් ඇවිදලා තියෙන්නේ තට්ටම් වලින්. හලාවත රෝහලේ ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාර්ගයෙන් පසුව රාගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කරලා තියෙනවා. භෞත චිකිත්සක ව්‍යායාම් වලින් පසුව ඇයට යම් විදිහකට ඇවිදගන්න පුළුවන් වෙලා තියෙනවා.ඒත් අදටත් ඇයගේ දෙපා ඇදව තමයි පිහිටලා තියෙන්නේ. ඉන් පසුව තමයි ඇය ගේ මේ කොඳු ඇට පෙළම ඇදව පිහිටා ඇති බව හඳුනාගෙන තියෙන්නේ. පසුව දැනට මාසයකට පමණ පෙරාතුව ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ මාර්ගයෙන් ඇයව මාලඹේ ප්‍රදේශයේ පිහිටි “ඔස්තියෝපති” සායනයක් වෙත යොමු කර තිබෙනවා. එහිදී මෙම දියණියව පරීක්ෂා කර බැලූ වෛද්‍ය පූර්ණ කීර්ති පෙරේරා මහතා ඇගේ ඇදව පිහිටි කොඳු ඇට පෙළ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බව ප්‍රකාශ කර තිබෙනවා . ඒ අනුව එම ප්‍රතිකාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඇයගේ සම්පූර්ණ පිට ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂිත කබායක් හෙවත් ජැකට් එකක් පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. රුපියල් 35000 /=ක් පමණ වන එම කබායත් ඉන්පසුව ඇය වෙනුවෙන් ලබාදිය යුතු විටමින් වර්ග සහ වෙනත් බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමටත් විශාල මුදලක් වැයවෙනවා. එමෙන්ම මසකට වතාවක් දෙකක් පමණ ඇයව මාලඹේ නගරය වෙත රැගෙන යෑමට ද කුලී රථ සඳහා විශාල මුදලක් දැරීමටද සිදුවෙනවා.

ඇය වැඩිමහලු දරුවා වන අතර ඇයට බාල තවත් දරුවන් 05 දෙනෙකු සිටියි. ඇගේ පියා පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක කම්කරුවෙකු ලෙස සේවය කරනවා. පාසල් නොයන ඇයව රැකබලා ගැනීමටත් ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් යන කරුණු නිසා ඇයගේ මවට ද රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. වෙනත් කිසිදු අමතර ආදායමක් ඔවුන් වෙත නොලැබෙන තත්ත්වයක, ඇගේ පියා ලබා ගන්නා සුළු මාසික වැටුපෙන් ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත්, දරුවන් හය දෙන කෙනෙකුගෙන් යුත් පවුලක් නඩත්තු කිරීමටත් නොහැකිව ඇයගේ දෙමව්පියන් වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉතා අසරණ තත්වයකට පත් වී සිටිනවා.
මේ සමගින් ඇයට ප්‍රතිකාර ලබා දෙන මාලඹේ ඔස්තියෝපති සායනයෙන් ඖෂධ සහ ඇය වෙනුවෙන් අවශ්‍ය විශේෂිත ජැකට් එක ලබාගැනීම සඳහා නිකුත් කළ ලියකිවිලිද, එමෙන්ම එම සායනයේ ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගේ නම් සහිත ලියවිල්ලක්ද මේ සමඟ පල කර ඇත.


එම්.විමාෂා තත්සරණි ද සිල්වා
162-E, වෑ කන්ද පාර, කොස්වත්ත.
දුර.අං.-074 0010795

ගිණුම් අංකය-.113254875712
K.D.N. ගුණසේකර
සම්පත් බැංකුව- නාත්තන්ඩි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article