Friday, April 26, 2024

ආණ්ඩුවට විරිත්තන්න වයඹ දත මදී.

Must read

 

වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා විරෝධි, යහපාලන හා නීති විද්‍යාවට පටහැනි කි්‍රයා කලාපය පිළිබඳව වයඹ පළාත් සභාවේ අප්‍රසාදය හා පිළිකුල පලකළ යුතු බවට වූ යෝජනාවක් එළැඹෙන පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරන්නැයි ඉල්ලා වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ පියුමාල් හේරත් මහතා ( එ.ජ.නි.ස.) විසින් එහි සභාපති ධර්මසිරි දසනායක මහතා වෙත භාර දී තිබේ.

මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට හදිසි යෝජනාවක් ලෙස ඇතුලත් කරන්නැයි ඉල්ලා සිටින පියුමාල් හේරත් මහතාගේ යෝජනාවේ මෙසේ දැක්වෙයි.
—මෙරට අධිකරණ හා නීති ක්ෂේත්‍ර ඉතිහාසයේ අඳුරුතම දිනයන් සලකුණු කරමින් ,
1. ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝගයට ලක් කර ධූරයෙන් පහකරන ලද ආචාර්ය, උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිල්ලාගේ ශිරාණි අංශමාලා බණ්ඩාරනායක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ ගරු අග්‍ර විනිශ්චයාකාරතුමිය නීතිවිරෝධි හා බලහත්කාර ලෙස නැවත අසුන් ගන්වා අග්‍රවිනිශ්චයකාර ධූරයෙන් විශ්‍රාම ගැන්වීමක් ලෙස හුවාදක්වමින් සිදුකල ක්‍රියාදාමය සඳහා අනුබල හා අනුග්‍රාහකත්වය ලබාදීමෙන් එකී ක්‍රියාදාමය ප්‍රතිපත්තිමය ලෙස පිළිගැනීම.
2. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ 43 වන අග්‍ර විනිශ්චයකාරවරයා වන ජනධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී  පීරිස් මැතිතුමන් නීතිවිරෝධි හා බලහත්කාරයෙන් එම ධූරයෙන් නෙරපීමට උත්සහ දැරීම. එකී ධූරයට අවමන් සහගත හා අගෞරවය වන ආකාරයෙන් මහජන පෙළඹවීම් සිදු කිරීම. අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක‍ෂා කිරීමට රජය සතුවන වගකීමෙන් මිදී දේශපාලන පලිගැනීම් සිදු කිරීම හා ප්‍රතිපත්තිමය වශයෙන් ඔහු තවමත් මෙරට නීත්‍යානුකූල අගවිනිසුරු වශයෙන් පිළිගැනීමට අපොහොසත් වීම.
3. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු කනගසභාපති ජේ. ශ්‍රී පවන් මැතිතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාර තැන ලෙස සිටියදී දේශපාලනික උවමනාවන් මත එවකට ඇබෑර්තුව නොතිබූ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍ර විනිශ්චයකාර ධූරය සඳහා පත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් මෙරට උතුම් අධිකරණ සම්ප්‍රදායන් නැවත කඩා විසුරුවා දමමින් කීර්තිමත් වෘත්තීය අධිකරණ විනිශ්චයකාරවරයෙකු හා උගත් නීතිධරයෙකු වූ ඔහු උපයා ගත් කීර්තිය හා පොදුවේ මෙරට අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ලෙස අගවිනිසුරු ධුරය හෑල්ලූවට ලක්කරනු  වස් ප්‍රතිපත්තිමය හා දේශපාලනමය අනුබලය හා අනුග්‍රහය ලබා දීම.
යන ක්‍රියාවලින් තුලින් ඉංගී්‍රසි අධිකරණ පද්ධතියේ ආභාසය ලද පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ ඉතිහාසයේ කඵ පැල්ලමක් සටහන් කරමින් මෙරට අධිකරණ හා නීති ක්ෂ්ත්‍රයේ ඇති කල අප්‍රතිවර්ති , පිළියම් කළ නොහැකි, ව්‍යවස්ථා විරෝධි සහ යහපාලන හා නීති විද්‍යාවට පටහැනි වර්තමාන ආණ්ඩුවේ එම ක්‍රියා කලාපය පිළිබඳව මෙම සභාවේ අප්‍රසාදය හා පිළිකුල මෙයින් පලකළ යුතු යැයි යෝජනා කරමි.
යැයි එම යෝජනාවෙහි දැක්වේ.
කෙසේ වෙතත් වයඹ පළාත් සභාවේ තුනෙන් දෙකක බලයක් සහිත බහුතර බලය හිමිව ඇත්තේ එහි ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන බැවින් මන්ත්‍රී පියුමාල් හේරත් මහතා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවීම සදහා  වැඩි ඉඩකඩක් පවතී. වත්මන් වයඹ පළාත් සභාවේ සංයුතිය පවතින්නේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීධූර 33 ක් සහ විපක්ෂයට මන්ත්‍රීධූර 18 ක් වශයෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article